Impartial news reporting for a stronger democratic society
හෝමූස් සමුද්‍ර සන්ධියේ උණුසුම් තත්ත්වයක් : අමෙරිකාවේ යුද නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාර ! තෙල් බැරලයක මිලත් ඩොලර් 110 ඉක්මවා යයි

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවකට ඉරාන නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කිරිමත් සමඟ තෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා ගිය බව ටෙහේරානයේ  සිටින Cyber World Press විශේෂ නියෝජිත ගෙන ආ වාර්තාව Sky පුවත් සේවය ද සනාථ කැර තිබේ.

ඉරානයේ අනතුරු ඇඟවීම් නොතකා  ජාස්ක් (JASK) දූපත ආසන්නයේ  යාත්‍රා කළ අදාළ අමෙරිකානු  නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් පසු  එය යළි හරවා යැවීමට පියවර ගත් බව ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සිය සඳහන් කැර ඇතැයි Cyber World Press සඳහාන් කරයි.

කලාපය තුළ පවතින යුද උණුසුම් තත්ත්වය හමුවේ ඉරාන නාවික හමුදාව සිය ආරක්ෂක විධිවිධාන තර කැර තිබේ.

​ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන පරිදි එරට නාවික හමුදාව හෝර්මූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකා වළක්වාලීමට සමත් වු බව සඳහාන් කරයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇත්තේ ආහාර හිඟයකට මුහුණ දී සිටින නෞකා ආරක්ෂිතව පිටතට මෙහෙයවීම මානුෂීය පියවරක් ලෙස ආරම්භ කරන බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ කලාපීය සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව පවති.

මේ තත්ත්වයත් සමඟ තෙල් මිල 5% කට වඩා ඉහළ ගොස් ඇති අතර , තෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවා ගොස් පුළුල් කලාපීය ගැටුමක් පිළිබඳ බිය නැවත ඇති කැර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය දිනපතා ගෝලීය ඛනිජ තෙල් සැපයුමෙන් 20% ක් පමණ ගමන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp