
නීති විරෝධී කටයුතුවල නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටි චීන ජාතිකයන් 37 දෙනා මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් පොරේදා (04) රාත්‍රී 10.50ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන්, චීනයේ කුංමිං නුවර වෙත රැගෙන ගොස් ඇති බවද සඳහන් වේ.
මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව මෙරට තුළ රැදී සිටිමින් නීති විරෝධී කටයුතුවල නිරත වී ඇත.
පිටුවහල් කෙරුණු මෙම චීන ජාතිකයන් අතර කාන්තාවන් 6දෙනකු ද සිටින බව අනාවරණය වේ.
ඔවුන් මෙරටින් රැගෙන යෑම සඳහා එරට ආරක්ෂක නිලධාරීන් 11දෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
