
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළේ 6 වැනි අදියරේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හමු වී ඇත.
කැණීම් කටයුතු පසුගිය ඉරිදා දින නවතා තිබූ අතර, එහි තවදුරටත් කැණීම් කටයුතු ඊයේ (04) දිනයේදී යළි ආරම්භ කෙළේය.
එම මිනී වළේ හයවැනි අදියරේ කැණීම් කටයුතු ඊයේ (04) හය වැනි දිනයටත් සිදු වූ අතර එහිදී මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනිණි. කැණීම් භාර නිලධාරීන් යාපනය මහේස්ත්රාත් එස්. ලෙනින් කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු සිදු කෙරිණි.
ඒ අනුව 06 වැනි දිනය තුළ හමුවූ අස්ථි සමඟ මෙම ස්ථානයේ මේ වන විට සිරුරු 246කට අයත් අස්ථි හඳුනාගෙන ඇති අතර, ඉන් සිරුරු 243කට අයත් අස්ථි සම්පුර්ණයෙන්ම කැණීම් කැර අවසන් බව කැණීම් භාර නිලධාරීන් සඳහන් කරයි.තවද මෙම ස්ථානයේ සැක කටයුතු කළු පැහැති පස් ඇති ස්ථානයක්ද හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ පස් සාම්පල එකතු කැර ඇති බව ද අනාවරණය වේ.
මෙයට අමතරව තවත් සැක සහිත අවශේෂ හමුව ඇති අතර , ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනවලින් අනතුරුව තොරතුරු ලබා දීමට කැණීම් භාර නිලධාරීන් කටයුතු කරමින් සිටියි.
(දිනමිණ – යාපනය සමූහ – කිත්සිරිගේ ප්‍රසන්න)
