
යුද්ධය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන “කෲර පාලකයන් අතලොස්සක් හිතා මතා මේ ලෝකය විනාශ කරමින් පවතින බව” ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කරයි.
අප්‍රිකානු රටවල සංචාරය කරන අතරතුර කැමරූන් රාජ්‍යයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
තවදුරටත් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කැර ඇත.
මිනීමැරීම සහ විනාශය වෙනුවෙන් බිලියන ගණනින් ඩොලර් වැය කරන බවත්, නමුත් සුවපත් කිරීම, අධ්‍යාපනය සහ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සම්පත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.
ඇතැම් පාලකයන් තමන්ගේ යුද්ධ සාධාරණීකරණය කිරීම සඳහා ආගමික භාෂාවන් සහ බයිබලයේ ඉගැන්වීම් වැරදි ලෙස භාවිත කරන බව දක්නට ලැබෙනවා.
දසදහස් ගණනක් මියගිය සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් වූ කැමරූනයේ පවතින අර්බුදය ගැනද උන්වහන්සේගේ අවධානය යොමු විය.
පාප් වහන්සේගේ මෙම දැඩි ප්‍රකාශය සිදු කෙළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පාප් වහන්සේව දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසුව බව අනාවරණය වෙයි.
