
අමෙරිකා – ඊශ්‍රායල රෙජිමය එකාබද්ධව එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ සෘජු හෝ වක්‍ර හානිය අමෙරිකානු ඩොලර් බිලියන 270ක් බව මූලික ඇස්තමේන්තුවලින් හෙළි වී ඇතැයි ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහොජරානි ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
මෙයට අමතරව ඉරානයේ තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදු වූ විශාල හානිය තවමත් තක්සේරු කරමින් සිටින බව ඉරාන රජය ප්‍රකාශ කර ඇතැයි ද, හමුදා සංකීර්ණවලට සිදු වූ හානියට අමතරව තෙල් සහ ගෑස් යටිතල පහසුකම්, වානේ සහ ඇලුමීනියම් කම්හල්වලට ද දැඩි හානි සිදුවී ඇතැයි ද ඇය සඳහන් කැර තිබේ. හානියට පත් සියලු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇතැයි ද ඉරාන රජය සඳහන් කර තිබේ.
මේ අතර ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය රට භාවිත කිරීමට අවසර දුන් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නියෝජිතවරයා මැදපෙරදිග රටවලට චෝදනා කැර ඇති බවත් සඳහාන් වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නෞකා සඳහා බද්දක් පැනවීමෙන් ප්‍රහාරවලින් සිදුවූ හානිය ආවරණය කැරගැනීමට ඉරාන රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
