Impartial news reporting for a stronger democratic society
ඩොලර් මිලි­යන 90ක කොකේන් ජපා­න­යට නැව්ගත කරලා : අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර පාකි­ස්තාන ජාති­ක­යන්

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 90ක් වටිනා (ජපාන යෙන් බිලි­යන 14.3ක්) කොකේන් කිලෝ ­ග්‍රෑම් 270ක් කන්ටේ­න­ර­යක අසුරා ජපා­න­යට ප්‍රවා­හ­නය කළ පාකි­ස්තාන ජාති­ක­යකු ඇතුළු පුද්ග­ල­යන් 6 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී අත්අ­ඩං­ගු­වට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 ප්‍රධාන සැක­කරු වන 53 හැවි­රිදි ෂ‍ෆ්කත් මුෂ්ටාක් නමැති පාකි­ස්තාන ජාති­කයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාවිච්චි කරන ලද වාහන අලෙවි කිරීමේ ව්‍යාපා­ර­යක නිර­ත­වූ­වකු බවත්, ඔහු ජාත්‍ය­න්තර මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ බවට සැක කරන බවත් ජපාන බල­ධා­රින් ප්‍රකාශ කැර තිබේ.

පසු­ගිය දෙසැ­ම්බ­ර­යේදී ටෝකියෝ නුව­රට සේන්දු වූ කන්ටේ­න­රය භාර ගැනී­මට කිසි­වකු ඉදි­රි­පත් නොවීම හේතු­වෙන් පසු­ගිය මාර්තු මස අග­භා­ග­යේදී ටෝකියෝ නුවර බල­ධා­රින් එය පරී­ක්ෂා­වට ලක් කැර ඇති අතර, රූප­ලා­වණ්‍ය කට­යුතු සඳහා භාවිත කරන පවු­ඩර් වර්ග­යක් ලෙස ලේඛ­න­ගත කළ මළු 742කින් මළු 18ක් කොකේන් තොග බවට සොයා­ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට පත්වු සෙසු සැක­ක­රු­වන් පස්දෙනා පාකි­ස්තාන හෝ ශ්‍රී ලාංකික ජාති­ක­යන් බවට වාර්තා වී ඇතැයි ජපෑන් ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp