Impartial news reporting for a stronger democratic society
සුමිත් දසනායක ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා හමුවෙයි

ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා  පසුගිය දා (අප්‍රේල් 13) ජිනීවාහි පැලේස් විල්සන් හිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවිය.

තානාපති දසනායක මහතා, ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව මහ කොමසාරිස්වරයාට විස්තර කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කැර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය යන දෙක සමඟ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ හා ඵලදායී සම්බන්ධතාවය මැනවින්  පවත්වාගෙන යන බව දසනායක මහතා  අවදාරණය කැර ඇත.

මහ කොමසාරිස් ටර්ක් මහතා මෙම දැනුවත් කිරීම අගය කළ අතර ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා OHCHR හි අඛණ්ඩ සහයෝගය ලැබෙන බව ප්‍රකාශ කැර ඇත.

සටහන-චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp