Impartial news reporting for a stronger democratic society
පකිස්ථාන අගමැති චීන සංචාරයක් අරඹයි

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් චීනයේ සංචාරයක නිරත වීමට නියමිත  බව වාර්තා වේ.

චීන අගමැතිවරයාගේ ආරාධනයෙන් හෙතෙම එළඹෙන 23වැනි දා සිට 26වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අද (21) ප්‍රකාශ කැර තිබේ.

පාකිස්ථාන අගමැතිවරයාගේ චීන සංචාරය, ‍චීනය හා පකිස්ථානය අතර තානාපති සබඳතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සපිරීම සනිටුහන් කරමින් සිදු කරන වැදගත් රාජ්‍ය නායක මට්ටමේ හුවමාරුවක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

ෂෙබාස් ෂරීෆ් චීනයේ රැඳී සිටින කාලයේ චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp