
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට අද (20) රිච්ටර් මාපකයේ 5.9ක භූකම්පනයක් සිදුව ඇති බව අනාවරණය වෙයි.
භූකම්පනයෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කැර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය තහවුරු කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බව සඳහාන් වේ.
