Impartial news reporting for a stronger democratic society
 චීන නිල සංචාරය නිමාකරමින් රුසියානු ජනාධිපති මොස්කව් බලා යයි

සිය චීන නිල සංචාරය නිමාකරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (20) රාත්‍රියේ බීජිං නුවරින් පිටත්ව මොස්කව් නුවර  බලා ගිය බව Cyber World  press  විශේෂ නියෝජිත  වාර්තා කරයි.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ඇරයුමකට අනුව මෙලෙස රුසියානු ජනාධිපතිවරයා චීනයේ සංචාරයකට එක්වූ අතර, රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් බීජිං නුවර විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

ජනාධිපති පුටින් වෙනුවෙන් විශේෂ පිළිගැනිමේ උත්සවයක් චීනයේ The Great Hall of The People ශාලාවේදී පැවැත්වු ණු අතර ,රාජ්‍ය නායකයන් දෙපොළ ඉන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් සතියක් ඉක්මයෑමටත්   පෙර රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණීම ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp