
නිරිතදිග ජපානයට පෙරේදා (28) රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති අතර, මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව Cyber World Press වාර්තා කරයි.
මෙම භූකම්පනයෙන් ජපානයේ නිරතදිග ප්‍රදේශයේ නිවාස, සාප්පු සංකීර්ණ සහ තවත් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව ඇති බව ජපානයේ ටොකියෝ නුවර සිටින Cyber World Press වාර්තාකරු සඳහාන් කරයි.
භූකම්පනයෙන් පසු ගොඩනැගිල තුළ සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
මේ වනවිට පුද්ගලයින් 10කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
මෙම භූකම්පනය ජපානයේ තෙවැනි විශාලතම දූපත වන ක්යුෂූ දූපත ආශ්‍රිතව හටගෙන තිබේ.
