Impartial news reporting for a stronger democratic society
ජම්මු – කාශ්මීර් ජන­තා­වගේ ස්වයං තීරණ අයි­ති­යට සහය දෙන ඉස්ලා­මීය සහ­යෝ­ගිතා සංවි­ධා­නයේ යෝජ­නාව ඉන්දි­යාව දැඩි ලෙස ප්‍රති­ක්ෂේප කරයි

ජම්මු – කාශ්මීර් ප්‍රාන්තයේ ජන­තා­වගේ ස්වයං තීරණ අයි­ති­යට සහය පළ කර­මින් ඉස්ලා­මීය සහ­යෝ­ගිතා සංවි­ධා­නය සම්මත  කළ යෝජ­නාව ඉන්දි­යාව දැඩි ලෙස ප්‍රති­ක්ෂේප කැර  ඇති බව වාර්තා වෙයි.

පසු­ගි­යදා ඉරා­කයේ බැග්ඩෑඩ් නුවර පැවති ඉස්ලා­මීය සහ­යෝ­ගිතා සංවි­ධා­නයේ විදේශ ඇමැ­ති­ව­රුන්ගේ රැස්වී­මේදී එම යෝජ­නාව සම්මත වීමෙන් දින­කට පසුව ඉන්දීය විදේශ අමා­ත්‍යාං­ශය මේ අද­හස් පළ කැර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළ බව Cyber World Press අනාවරණය කරයි.

 එම රැස්වී­මේදී ඉන්දි­යාව පිළි­බඳ සඳ­හන් කැර ඇති කරුණු ද්වේෂ­ස­හ­ගත, පක්ෂ­පාතී සහ අසත්‍ය බවත්, ඉන්දි­යාවේ අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ අද­හස් දැක්වී­මට එම සංවි­ධා­න­යට කිසිදු නෛතික අයි­ති­යක් හෝ බල­යක් නොමැති බවත් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

ඉන්දීය රජය එරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 370 වැනි වග­න්තිය ඉවත් කිරී­මෙන් පසු ගත වූ වසර කිහි­පය ඇතු­ළත ජම්මු කාශ්මී­රයේ සැල­කිය යුතු ආර්ථික වර්ධ­න­යක් සිදුවී ඇතැයි ද, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, සංචා­රක ව්‍යාපා­රය සහ සන්නි­වේ­දන සම්බ­න්ධතා හරහා එහි ජන­තා­වට ඍජු ප්‍රති­ලාභ ලැබී ඇතැයි ද එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

 පාකි­ස්තාන පාල­නයේ පව­තින කාශ්මී­රයේ තත්ත්ව­යට සාපේ­ක්ෂව ජම්මු කාශ්මී­රය සහ ලඩාක් පරි­පා­ලන කලා­ප­වල තත්ත්වය සහ­මු­ලින්ම වෙනස් බවත්, පාකි­ස්තාන පාල­නය යටතේ පව­තින කාශ්මී­රයේ සිවිල් විරෝ­ධ­තා­ක­රු­වන්ට එරෙ­හිව හිංස­නය, මර්ද­නය ඇතුළු බර­ප­තළ මානව හිමි­කම් උල්ලං­ඝ­නය කිරීම් සැඟ­වී­මට නොහැකි වී ඇති බවත් ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp