Impartial news reporting for a stronger democratic society
අත්ලාන්තික් සාගරය“ට්‍රම්ප් සාගරය”ලෙස නම් කරන්නැයි ට්‍රම්ප් කළ යෝජනාවට Google ප්‍රධානී පයින් ගසයි !

ලෝක අවදානමට ලක්ව ඇති අත්ලාන්තික් සාගරය ‘ට්‍රම්ප් සාගරය’ (Trump Ocean) ලෙස නම් කිරීමට තමන් ඉදිරිපත් කළ  යෝජනාවට , Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඊට එකඟ නොවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර  ඇති බව  විදේස්  මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press වාර්තා .

භූගෝලීය ස්ථාන නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කැර ඇත. අත්ලාන්තික් සාගරයේ නම වෙනස් කිරීමේ හැකියාව පිළිබඳව තමන් Google සමාගම සමඟ සාකච්ඡා කළ බවත්, එම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බවට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කෙළේය.

ට්‍රම්ප් පැවසූ පරිදි, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වා ඇත්තේ සාගර යනු රටවල් කිහිපයක් පුරා විහිදී පවතින භූගෝලීය ප්‍රදේශ බැවින් ඒවායේ නම් වෙනස් කිරීම සංකීර්ණ කරුණක් බව පවසමිනි.

පිචායි සමඟ සිදු වූ බව කියන සංවාදය සිහිපත් කරමින් ට්‍රම්ප් සඳහන් කෙළේ, අත්ලාන්තික් සාගරයේ නම වෙනස් කළ හැකිදැයි තමන් විමසූ විට ඊට එකඟ විය නොහැකි බව පිචායි පැවසා ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp