
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට පියවර ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 745කින් අඩු වු අතර, ඒ් අනුව නව මිල රුපියල් 5,995ක් වී ඇත.
එසේම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,398 ක් බව ඒම සමාගම කියයි.
අදාළ නිවේදනයේ දැක්වෙනුයේ , වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.
ලාෆ්ස් සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයන් කැඳවා සිදු කළ සාකච්ඡාවේදී කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අද මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල අඩු කිරීම සිදු කැර ඇත
