Impartial news reporting for a stronger democratic society
පළමු රෝගියා සුවෙන් බවට වාර්තා­වක් : රුසි­යාවේ නිෂ්පා­දිත පිළිකා එන්නත සාර්ථකයි
  • රුසි­යාවේ නිෂ්පා­දිත පිළිකා නිවා­රණ එන්නත සාර්ථක ප්‍රති­ඵල පෙන්නුම් කරයි
  • වසර 3ක දීර්ඝ කාල­සී­මා­වක් පුරා පර්යේ­ෂණ මඟින් වැඩි­දි­යුණු කළ එන්ට­රෝ­මික්ස් පිළිකා නාශක එන්නත

ලොව පුරා  සිටින ලක්ෂ සංඛ්‍යාත පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අපේ­ක්ෂා­වන් ඉහළ නංවා­ල­මින් රුසි­යාවේ නිෂ්පා­දිත පිළිකා නිවා­රණ එන්නත සාර්ථක ප්‍රති­ඵල පෙන්නුම් කැර ඇති බව වාර්තා වෙයි.

 එරට ජාතික වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ අධ්‍යක්ෂ ඇලෙ­ක්සැ­න්ඩර් ගින්ට්ස්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ වසර 3ක දීර්ඝ කාල­සී­මා­වක් පුරා පර්යේ­ෂණ මඟින් වැඩි­දි­යුණු කළ එන්ට­රෝ­මික්ස් පිළිකා නාශක එන්නත භාවි­තය සඳහා ස්වේච්ඡා­වෙන් ඉදි­රි­පත් වූ පළමු රෝගියා සම්පූර්ණ ප්‍රති­කාර අව­සන් කැර ඇති බවයි. mRNA තාක්ෂ­ණය භාවිත කර­මින් පුද්ග­ලා­රෝ­පි­තව නිප­ද­වනු ලබන එන්ට­රෝ­මික්ස් එන්නත නිශ්චිත පුද්ග­ල­ය­කුගේ ජාන­මය තත්ත්ව­යන්ට ගැළ­පෙන පරිදි සකස් කරන අතර, මේ වන විට එම රෝගියා සුවෙන් පසු­වන බව රුසි­යානු ජාතික වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ අධ්‍ය­ක්ෂ­ව­රයා සඳ­හන් කැර තිබේ. ඔහු රුසි­යානු සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ පව­තින විකි­රණ විද්‍යාව පිළි­බඳ ජාතික වෛද්‍ය පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යේදී සීටී ස්කෑන් පරි­ක්ෂණ සඳහා අඛ­ණ්ඩව භාජ­නය වෙමින් සිටින බව ද වාර්තා වේ. ප්‍රති­කාර අව­සන් වී මාස 4ක් ගතවී ඇතත්, මෑත­කදී සිදු කැර ඇති පරී­ක්ෂ­ණ­ව­ලින් නව පිළිකා ඇති වීමේ ලක්ෂණ කිසි­වක් ඔහු­ගෙන් පෙන්නුම් කැර නැති අතර, ඉදිරි වසර තුනක කාල­යක් පුරා ඔහු තව­දු­ර­ටත් නිරි­ක්ෂ­ණය යටතේ පසු­වනු ඇතැයි ජාතික වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ අධ්‍යක්ෂ ඇලෙ­ක්සැ­න්ඩර් ගින්ට්ස්බර්ග් වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp