
සාමකාමී ලෙස අභ්‍යවකාශය භාවිත කිරිමේදී චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarri පවසයි.
චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථකව අභ්‍යවකාශගත කිරීම සහ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙන ජාත්‍යන්තර සහයෝගීතා කාර්යභාරය සම්බන්ධව පසුගිය දා (නොවැම්බර් 25) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළ බව Cyber World Press වාර්තා කරයි.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනය සමඟ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පරිහරණය පිළිබඳ සහයෝගී හවුල්කාරීත්වයක් ස්ථාපිත කැර ඇත.
පාකිස්ථාන ගගනගාමියකු මෙවර Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමට එක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා බව Stephane Dujarri එහිදී කියා සිටියේය.
අභ්‍යවකාශය සාමකාමී ලෙස භාවිත කිරීම, අභ්‍යවකාශ ගවේෂණය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සහ එයින් ලද විද්‍යා තාක්ෂණික ප්‍රතිඵල සියලු රටවල් සමඟ බෙදා ගැනීම සඳහා චීනයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා සිය විශ්වාසය පළ කැර තිබේ.
