Impartial news reporting for a stronger democratic society
අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්න : ශ්‍රී ලංකා – රුසියා නව නීතිමය එකඟතාවක්

ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ , රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan මහත්වරු අතර හමුවක් අද (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.

රුසියානු සමූහාණ්ඩුව  සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කැර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කැර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, එම කරුණූ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහා ද අත්සන් කිරීම  මෙරට නීතිපතිතූමා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් රුසියාවට පළාගොස් සැගවී මුල්‍යමය කටයුතු සහ දේපොළ වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් විසින් සඳහන් කළ අතර, අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය පැසසීමට ලක්විය.

රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp