Impartial news reporting for a stronger democratic society
වලංගු වීසා බලපත්‍රයක් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම : ඩයනා ගමගේ අධිකරණයේදී වරද පිළිගනී
  •   වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවකට හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.
  • ඒ අනුව, අදාළ චෝදනාව සඳහා ඇයට දඬුවම් නියම කිරීම 2027 වසරේ ජනවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කෙළේය.
  • විත්ති කූඩුවේ සිට වරද පිළිගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කැර ඇති චෝදනා හතෙන්, 2015 ජූලි 17 සිට 2016 ජූලි 16 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව අද අධිකරණයේදී කියවා දෙනු ලැබිණි.
  • එම අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොන් සෙනෙවිරත්න, තම සේවාදායිකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

නීත්‍යනුකුල වලංගු  වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවට හිටපු රාජ්‍ය  ඇමැති ඩයනා ගමගේ අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.

ඒ අනුව, අදාළ චෝදනාව සඳහා ඇයට දඬුවම් නියම කිරීම 2027 වසරේ ජනවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කෙළේය.

විත්ති කූඩුවේ සිට වරද පිළිගැනීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කැර ඇති චෝදනා හතෙන්, 2015 ජූලි

17 සිට 2016 ජූලි 16 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව අද අධිකරණයේදී කියවා දෙනු ලැබිණි.

එම අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොන් සෙනෙවිරත්න, තම සේවාදායකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

විත්ති කූඩුවේ රැඳී සිටි ඩයනා ගමගේ ද තමන් එම චෝදනාවට වරදකරු බව අධිකරණය හමුවේ ඍජුවම පිළිගත්තාය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු පෙනී සිටියාය.

ඉතිරි චෝදනා හයට සාක්ෂි විභාගය ඉදිරියට

අද එක් චෝදනාවකට වරද පිළිගත්ත ද, ඇයට එරෙහිව ගොනු කැර ඇති තවත් චෝදනා 6ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී තවදුරටත් සාක්ෂි විභාගය පැවැත්වේ.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කැර ඇති සෙසු චෝදනා මෙසේය:

| 2016 ජූලි 14 සිට 2017 ජූලි 16 දක්වා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටීම.

| 2018 ජූලි 17 සිට 2019 ජූලි 16 දක්වා වීසා නොමැතිව රැඳී සිටීම.

| 2020 ජූලි 16 සහ නොවැම්බර් 01 අතර කාලයේ වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම.

| 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කැර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම.

නීතිමය පසුබිම සහ අධිකරණ ක්‍රියාමාර්ග

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කැර තිබිණි.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කළ ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ද මේ වන විට අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තැන්පත් කැර තිබේ.

(මුලාශ්‍රය -The Leader )

Follow by Email
LinkedIn
Share
WhatsApp