අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානයට රහසිගත නොවන තොරතුරු පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත්, සයිබර් ප්‍රහාරයෙන් කිසිදු රහසිගත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අදාළ ගැටලුව දැනට විසඳා ඇති බවට හඳුනා නොගත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් ප්රවෘත්ති සේවය පවසා ඇතියි Cyber World Press වාර්තා කරයි.
අන්තර්ජාලය, වාණිජ චන්ද්‍රිකා සහ පෞද්ගලික දත්ත සැපයුම්කරුවන් ඇතුළු විවෘත මූලාශ්‍ර හරහා තොරතුරු රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමට භාවිතා කරන පද්ධතියක් මඟින් සයිබර් ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ නිශ්චිත තොරතුරු මොනවාද යන්න හෝ වගකිව යුතු පාර්ශ්වය කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම වාර්තා කළ බව Cyber World Press සඳහාන් කැර තිබේ.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක තොරතුරු තාක්ෂණ පද්ධති බිඳවැටීමක් වාර්තා වූ පසුබිමක මෙම සිද්ධිය ද හෙළිදරව් වී ඇත. අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) රහස්‍ය තොරතුරු හුවමාරු කැර ගැනීම සඳහා භාවිතා කරන අභ්‍යන්තර ජාලයක් ද පසුගිය සතියේ තාවකාලිකව බිඳ වැටුණි.
එසේම, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI පවත්වාගෙන යනු ලබන ජාතික නීතිය ක්‍රියාත්මක කරන දත්ත පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැකයක මත පරීක්ෂණ සිදු වෙමින් පවතී.
ගුවන් පාලකයන් සහ ගුවන් නියමුවන් අතර සන්නිවේදන බිඳවැටීම් හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය පුරා තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගන්නා ලදී.
ඇපල්, ජේපී මෝගන් චේස් සහ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්වල පද්ධති ද මෙම මාසයේ බිඳ වැටෙනු ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වයත් සමඟ, තීරණාත්මක යටිතල පහසුකම්, බැංකු පද්ධතිවල ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් දිනපතා ඩිජිටල් සේවාවන් භාවිතා කරති.
හැකර්වරුන්ට කෘතිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් පෙර නොවූ විරූ පරිමාණයකින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇති බැවින්, එයට මුහුණ දීම සඳහා පරිගණක පද්ධති වේගයෙන් යාවත්කාලීන කිරීම මෙම බිඳවැටීම් බොහොමයකට හේතු වී ඇති බව එක්සත් ජනපද පරිපාලනය ද පෙන්වා දෙයි.
මූලාශ්‍රය – ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) සහ අමෙරිකාවේ CIA බුද්ධි සේවා පද්ධතියට සයිබර් ප්‍රහාරයක්!

මූලාශ්‍රය – Associated Press (AP) සහ Cyber World Press