
මිනිසුන් සහ වන අලි අතර දිර්ඝ කාලයක සිට සිදුවන මාරාන්තික ගැටුම් මැඩපැවැත්වීම සඳහා කෘතිම බුද්ධි (AI) පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට ගවේෂණය කරමින් සිටි.
මේ පිළිබඳව සොය බැලීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති , Huawei ආයතනයේ නිලධාරීන්, ආණ්ඩුවේ ඇමැතිවරුන් කිප දෙනකු පසුගිය දා ( සිකුරාදා 13) ගල්ගමුවේ ස්ථානයක් පරීක්ෂාවට ලක් කළහ.

පරිසර ඇමැති ආචාර්ය ධම්මික පටබැඳි සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුත ඇමැති ආනන්ද විජේපාල යන මහත්වරු, ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ Huawei ආයතනයේ නියෝජිතයන් සමඟ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර සංචාරයක් සිදු කළහ.
මිනිස්-අලි ගැටුමට ගොදුරු වූ චීනයේ සමහර ප්‍රදේශවල දැනටමත් සමාන පද්ධති සාර්ථකව භාවිතා කැර ඇති බව චීන තානාපති සහ Huawei කණ්ඩායම පෙන්වා දුන්හ.එම අත්දැකීම් ශ්‍රී ලංකාවට ද ආදර්ශයක් ලබා දිය හැකි බව ඔවුහු පැවසූහ.
යෝජිත තාක්ෂණය කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන කැමරා මත රඳා පවතින අතර, එමඟින් වන අලි ඇතුන්ගේ ශරීර ප්‍රමාණයෙන් සහ චලන රටා වලින් හඳුනාගත හැකිය.
එබැවින් අලි ඇතුන් ගමකට ළඟා වීමට පෙර දැක ගත හැකි අතර, අසල පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවිඩ හරහා දැනුම් දිය හැකිය.
සහභාගිවන්නන් ශ්‍රී ලංකාවේ භූගෝලය, වන අලි ගමන් කරන ආකාරය සහ ඔවුන් ජනාවාසවලට යන මාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.
කැමරා සවි කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථාන ද ඔවුන් සලකා බැලූ අතර ,චීනයේ ක්‍රමවේද සහ නවීන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට කොතරම් දුරට අනුගත විය හැකිද යන්න විනිශ්චය කිරීම මෙම පරීක්ෂණයේ අරමුණ විය.
- චන්දන විජේකෝන්
