Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් ඉරා­නය අත්හරී ?
  • හෝමූස් සමුද්‍ර සන්ධි­යත් අත්පත් කර­ගෙන අව­සන්
  • ඉරාන යුද්ධ­යට නොව රටේ අභ්‍ය­න්තර අර්බු­ද­ව­ලට විසඳුම් සොයමු

අමෙ­රි­කා­වට ඉරා­නය සමඟ ගිවි­සු­මක් අවශ්‍ය නොවන බවත් ,යුද්ධය අවසන් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.

එවැනි ගිවි­සු­මක් අවශ්‍ය වූයේ බොහෝ කාල­ය­කට පෙර බව ඔහු සඳ­හන් කැර ඇත. ඉරා­න­යට අයත් ඩොලර් බිලි­යන ගණ­නා­වක මුදල් අමෙ­රි­කාව සතුව ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධි­යත් අත්පත් කර­ගෙන අව­සන් බවත් ටෘත් සමාජ මාධ්‍යයේ සිය ගිණු­මෙහි ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

ට්‍රම්ප් මේ ප්‍රකා­ශය සිදු කැර ඇත්තේ ඉරා­නයේ දැඩි මත­ධාරී ආර­ක්ෂක ප්‍රධා­නි­යකු සමඟ මුහු­ණට මුහුණ සාම සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට උප­ ජ­නා­ධි­පති ජේ.ඩී.වැන්ස් සළකා බල­මින් සිටින බව එරට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුව­ත්පත වාර්තා කිරී­මෙන් පසු­වය.

ඔහු උප­ජ­නා­ධි­ප­ති­ව­ර­යාට නියෝග කැර ඇත්තේ ඉරාන යුද්ධ­යට නොව රටේ අභ්‍ය­න්තර අර්බු­ද­ව­ලට අව­ධා­නය යොමු කරන ලෙසයි. මධ්‍ය වාර මැති­ව­ර­ණයේ පරා­ජ­යෙන් පසු අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඉරාන යුද්ධය සම්බ­න්ධ­යෙන් දක්වන්නේ දැඩි උදා­සී­න­ත්ව­යකි.

කෙසේ වෙතත් ඉරා­න­යට පනවා ඇති ආර්ථික සම්බා­ධක සහ නාවික අව­හි­රතා තව­දු­ර­ටත් සාර්ථ­කව සිදු­වන බව ඔහුගේ විශ්වා­සය වී තිබේ.

ෆවුස් මොහොමඩ්

(සිළුමිණට ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදී  )

Follow by Email
LinkedIn
Share
WhatsApp