Impartial news reporting for a stronger democratic society
ජානකී සිරි­ව­ර්ධන ඇප නෑ

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම සිදු කරන විම­ර්ශ­න­යට අදා­ළව ක්‍රිෂ් සමා­ගමේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­රි­යක වන ජානකී සිරි­ව­ර්ධන ලබන 20 වැනිදා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම මහතා පසු­ගි­යදා (06) නියෝග  කැර ඇත.

එම නඩුවේ සැක­ක­රු­වකු වන පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­ප­ක්ෂට මීට පෙර ඇප නියම වී තිබු­ණද, වෙනත් නඩු­ව­කට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටීම හේතු­වෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රීන් විසින් මෙදින අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය. නඩුව කැඳවූ අව­ස්ථාවේ අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි සහ­කාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර මහ­ත්මිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ, විම­ර්ශ­න­යට අදා­ළව කොළඹ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා, හිටපු ඉඩම් කොම­සා­රි­ස්ව­රයා ඇතුළු පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇති බවයි. කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතු­ර­ශ්‍රයේ පිහිටි ඉඩම ක්‍රිෂ් සමා­ග­මට පැව­රීම සම්බ­න්ධ­යෙන් නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන් ඇතුළු පිරි­ස­ක­ගෙන්ද ඉදි­රි­යේදී ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මට නිය­මිත බව ඇය සඳ­හන් කළාය. නඩු­වට අදාළ ලේඛ­න­යක සඳ­හන් නාමල් රාජ­පක්ෂ මහ­තාගේ අත්අ­කුරු සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් සිදු කිරීම සඳහා එම ලේඛ­නය රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු­කර ඇති බවත්, ඒ සඳහා ලේඛ­නයේ මුල් පිට­පත අවශ්‍ය බව රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව දැනුම්දී ඇති බවත් නීති­ඥ­ව­රිය අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළාය. එම මුල් ලේඛ­නය මේ වන විට කොළඹ මහා­ධි­ක­ර­ණයේ අංක 07 ශාලාවේ විභාග වන නඩු­වක ගොනු­වක ඇතු­ළත් බැවින් එය ලබා­ගැ­නී­මට අවශ්‍ය නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද කොමි­සම අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. කෙසේ වෙතත්, එම ඉල්ලීම වැඩි­දුර වාර්තාවේ ඇතු­ළත් නොවන බැවින් අවශ්‍ය ලේඛන සහි­තව ඉදිරි දින­ය­කදී ඉල්ලීම ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මට නියෝග කළේය.

ඒ අනුව විම­ර්ශ­න­වල ප්‍රග­තිය ලබන 20දා අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙස අල්ලස් කොමි­ස­මට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා, එදින දක්වා ජානකී සිරි­ව­ර්ධන තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළේය.

ලබන 20 වැනිදා වන විටත් නාමල් රාජ­පක්ෂ මහතා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින්නේ නම්, එදි­නට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට නියෝග කෙළේය.


(රොශෙල් ප්‍රනාන්දු)

ජායාරුපය- ලංකා නිවුස් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp