
වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ ජනතාවගේ ආයු අපේක්ෂාව අවුරුදු 3. 9කින් පමණ අඩු වනු ඇතැයි එරට වායු තත්ත්ව නිරීක්ෂණ ආයතනය අනතුරු අඟවා ඇතැයි Cyber World press වාර්තා කරයි.
එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පාකිස්තානයේ වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් 1,28,000ක් මියයන බව පාකිස්තාන ට්රිබියුන් පුවත් සේවය වාර්තා කැර ඇත.වායු දූෂණ ගැටලුව මඟින් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%කට පමණ සමාන ආර්ථික බරක් ද ඇතිකරන බවට පාකිස්තාන වායු තත්ත්ව නිරික්ෂණ ආයතනය ඇස්තමේන්තු කැර ඇති අතර, ලාහෝර් නගරයේ වාර්ෂික සාමාන්ය වායු දූෂණය ඝන මීටරයකට මයික්රෝග්රෑම් 110 ඉක්මවන බවත්, එය ලෝක සෞඛ්ය සංවිධානයේ වාර්ෂික මාර්ගෝපදේශය වන ඝන මීටරයකට මයික්රෝග්රෑම් 5ට වඩා 22 ගුණයකටත් වඩා වැඩි බවත් එහි සඳහන් කැර තිබේ.
ඒ අනුව ලාහෝර් නගරයේ පවතින දූෂිත වාතය දිගුකාලීනව නිරාවරණය වීමෙන් නගර වැසියන්ගේ ආයු කාලය වසර 7කින් අඩුවිය හැකි බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි පාකිස්තාන ට්රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කැර ඇතැයි Cyber World press සඳහාන් කරයි.
‘පාකිස්තානයේ වායු දූෂණයේ අනාවරණය- සෞඛ්ය අවදානම්, මූලාශ්ර සහ විසඳුම්‘ නමින් නිකුත් කැර ඇති එම වාර්තාව මඟින් එරට ප්රධාන නගර කිහිපයක වායු තත්ත්වය පිළිබඳ ඇගැයීමක් ද ඉදිරිපත් කැර තිබේ.
