Impartial news reporting for a stronger democratic society
මැද­පෙ­ර­දිග කලා­පයේ අර්බුද විස­ඳන්න අමෙ­රි­කාව මැදි­හත් විය යුතු නෑ – ඉරාන ජනා­ධි­පති

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින අර්බුද සහ ගැටලු විසඳා ගැනී­මට එම කලා­පයේ රට­ව­ලට හැකි­යාව ඇති බවත් අමෙ­රි­කාවේ මැදි­හ­ත්වී­මක් ඒ් සඳහා අවශ්‍ය නොවන බව ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් ප්‍රකාශ කැර  ඇති බව  Cyber World Press  වාර්තා කරයි.

රුසි­යාවේ මොස්කව් අග­නු­වර පැවති ගෑස් අප­න­යන රට­වල අට­වැනි සංස­ද­යට සහ­භාගි වූ ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කැර ඇත්තේ එම සමු­ළුව අත­ර­තුර රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් හමුවූ අව­ස්ථා­වේදී බව සඳහාන් වෙයි.

අමෙ­රි­කාවේ ඒක­පා­ර්ශ්වික ක්‍රියා­මාර්ග සහ සම්බා­ධක හමුවේ රට­වල් රැසක බහු­පා­ර්ශ්වික සහ­යෝ­ගී­තාව වර්ධ­නය කර ­ගැ­නීමේ අව­ශ්‍ය­තාව ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. රුසි­යාව මෙන්ම ඉරා­නය ද අමෙ­රි­කානු සම්බා­ධ­ක­ව­ලට ලක්වී සිටින අතර, ඉරාන ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික, කාර්මික, ආර­ක්ෂක සහ හමු­දා­මය ක්ෂේත්‍ර ඔස්සේ රුසි­යාව සහ ඉරා­නය අතර ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ගැ­නීම සිය අපේ­ක්ෂාව බවය. ඉරා­න­යට බලපා ඇති ජාත්‍ය­න්තර දේශ­පා­ල­නික හා ආර්ථික අර්බුද හමුවේ රුසි­යාව දක්වන සහ­යෝ­ග­යට ව්ලැදි­මිර් පුටින්ට ඉරාන ජන­පති සිය කෘත­ඥ­තාව ද පළ කර තිබේ.

පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මේ වසරේ ගතවූ මාස 10 ඇතු­ළත දෙරට අතර වෙළෙ­ඳාම 10%කින් වර්ධ­නය වී ඇති අතර, රුසි­යාවේ රජ­යට අයත් රොසැ­ටම් සමා­ගම ඉරා­නයේ බුෂෙ­හාර් න්‍යෂ්ටික බලා­ගා­රයේ ඉදි කිරීම් කට­යුතු සාර්ථ­කව සිදු කරන බවත්, දෙරට අතර සෙසු ඒකා­බද්ධ ව්‍යාපෘති ගිවි­සුම් ද අකු­ර­ටම ඉටු කරන බවත් එහිදී රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර තිබේ. අමෙ­රි­කාවේ බල­පෑම් සහ ආක්‍ර­ම­ණ­ශීලි ප්‍රති­පත්ති හමුවේ දෙරටේ රාජ්‍ය නාය­ක­යන්ගේ හමුව ජාත්‍ය­න්ත­රයේ අව­ධා­න­යට ලක්වී ඇති අතර, ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කැර ඇත්තේ පෙර නොවූ විරූ අයු­රින් රුසි­යාව සහ ඉරා­නය සමී­පව කට­යුතු කර­මින් සිටින බවය.( දිනඹිණ)

Follow by Email
LinkedIn
Share
WhatsApp