
බ්රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro), අමෙරිකා එක්සත් ජනපදය වෙත පළා ගිය බව සන්පාලෝ නුවර සිටින Cyber World Press වාර්ත්කරු සඳහාන් කරයි.
ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා අමෙරිකානු වීසා බලපත්ර ලබා දීමට එරට රාජ්ය දෙපාර්තමේන්තුව කටයුතු කැර ඇත.
මැතිවරණ ප්රතිඵලය නිල වශයෙන් පිළිගැනීම ප්රතික්ෂේප කැර ඇති බොල්සොනාරු, මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට අදාළව ශ්රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්ර භාර දීමේ නියෝගය පැහැර හැරීමෙන් අනතුරුව මෙලෙස රටින් පිටව ගොස් තිබේ. ෆ්ලාවියෝ, ඔහුගේ භාර්යාව සහ දියණියන් දෙදෙනා මේ වන විට අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ළඟා වී ඇති බව වාර්තා වුවද, ඔවුන්ගේ නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නැති බව Cyber World Press වාර්ත්කරු සඳහාන් කරයි..
මෙම සිදුවීම බ්රසීලය සහ අමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවලට බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිටපු ජනාධිපති ජයර් බොල්සොනාරෝගේ පුත්රයකු වන ෆ්ලාවියෝගේ මෙම පළායැම දැඩි ආන්දෝලනයක් ඇති කැර ඇති අතර, බ්රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මෙය දැඩි ලෙස හෙළා දැක තිබේ. නීතියට මුහුණ දී නිර්දෝෂීභාවය ඔප්පු කරන ලෙස ලූලා ඔහුගෙන් ඉල්ලා තිබුණි.
මෙම පළායෑම සිදුවී ඇත්තේ විදේශ ගමන් බලපත්ර භාර දීමට නියමිතව තිබූ පැය 24ක කාලසීමාව ඉක්මවා යෑමෙන් පසුවය. ෆ්ලාවියෝ බොල්සොනාරෝ සාමාන්ය සංක්රමණ ලක්ෂ්යයක් හරහා රටින් පිටව ගොස් නැති බව ෆෙඩරල් පොලිස් නිලධාරියෙකු ප්රකාශ කැර ඇති අතර, ඉදිරියේදී එරට දේශපාලන අර්බුදය තවත් උග්ර අතට හැරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
