Impartial news reporting for a stronger democratic society
“අර්නාබ්” අන්ද්‍ර ප්‍රදේශයට කඩාවදී! පාසල් වසා දමයි – දුම්රිය – ගුවන් ගමන් වාර අත්හි­ටු­වයි

දින තුනක් පුරා බෙංගාල බොක්ක මුහුදු සීමාවේ වර්ධ­නය වූ පැයට කිලෝ­මී­ටර් 140 දක්වා වේග­යෙන් යුතු අති­ශය ප්‍රච­ණ්ඩ­කාරී අර්නාබ් සුළි කුණා­ටුව අද පෙර­ව­රු­වේදී බාපට්ලා සහ විශා­කා­ප­ට්නම් අතර පිහිටි අන්ද්‍ර ප්‍රදේශ සහ යානාම් වෙරළ තීර­යන් හරහා ගමන් කරනු ඇතැයි ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අනා­වැකි පළ කර තිබේ.

 වසර 1970 සිට 2023 කාල­සී­මාව දක්වා සුළි කුණාටු 61කට මුහුණ දී ඇති අන්ද්‍රා ප්‍රාන්ත­යට අව­සන් වරට ඉතා ප්‍රච­ණ්ඩ­කාරි සුළි කුණා­ටු­ව­කින් බල­පෑම් එල්ල වී ඇත්තේ 2018 ඔක්තෝ­බ­රයේ කඩා වැදුණු ටිට්ලි සුළි කුණා­ටු­වෙන් බව හින්දු පුවත් සේවය වාර්තා කළේය.

ඊයේ දහ­වල් වන විට අර්නාබ් සුළි කුණා­ටුව විශා­කා­ප­ට්නම් මුහුදු තීර­යෙන් කිලෝ­මී­ටර් 170ක දුරින් ස්ථාන­ගත වී තිබූ බවත්, ඒ වන විටත් මුහුදු තීරය ආසන්න ප්‍රදේශ රැස­කට අධික සුළං සමඟ තද වැසි පතිත වූ බවත් වාර්තා වේ.

ඊයේ පස්ව­රුව වන විට අන්ද්‍ර සහ ඔඩීෂා මුහුදු තීරය ආසන්න ප්‍රදේ­ශ­වල ආර­ක්ෂිත තත්ත්වය ඉහළ නංවා ඇති අතර, දිස්ත්‍රික්ක ගණ­නා­වක පාසල් වසා දැමී­මට ද පිය­වර ගෙන තිබේ. ජීවිත හානි සහ දේපළ හානි අවම කිරීම සඳහා පිය­වර ගන්නා ලෙස ඉන්දි­යාවේ ජාතික අර්බුද කළ­ම­නා­ක­රණ කමි­ටුව ලබා­දුන් උප­දෙස් මත එරට ජාතික ආපදා ප්‍රති­චාර බළ­කාය සීරු­වෙන් තබා ඇතැයි ද වාර්තා වේ. ඊයේ පස්ව­රුව වන විටත් ජාර්කන්ඩ් ප්‍රාන්තයේ බොහෝ නග­ර­ව­ලට අධික වැසි පතිත වී ඇතැයි ද, මාර්ග රැසක් ජල­යෙන් යටවී ඇතැයි ද හින්දු පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ගස් කඩා වැටීම් හේතු­වෙන් නිවාස සහ මාර්ග­ව­ලට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ. අන්ද්‍රා ඇතුළු අවට ප්‍රාන්ත රැසක දුම්රිය ගමන් සහ ගුවන් ගමන් වාර රැසක් අව­ලංගු කර තිබේ.( දිනමිණ)

Follow by Email
LinkedIn
Share
WhatsApp