Impartial news reporting for a stronger democratic society
අමෙරිකාවේ තෙල් මිල 43%කින් ඉහළ ගිහින් !

මැද­පෙ­ර­දිග යුධමය වාතාවරණය හේතුවෙන් අමෙරිකාවේ ඉන්ධන මිල 43%කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි.

නොවැ­ම්බර් මස මුල් භාගයේ පැවැ­ත්වී­මට නිය­මිත අමෙ­රි­කාවේ මධ්‍යම වාර මැති­ව­ර­ණ­යට පෙර  තෙල් මිල පහත දැමී­මට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි උත්සා­හ­යක නිර­තව සිටින බව Cyber World Press වාර්තා කරයි. අමෙ­රි­කාවේ ඉන්ධන මිල ඉහළ යෑම මෙවර මැති­ව­ර­ණ­යේදී ඡන්ද­දා­ය­ක­යන්ගේ ප්‍රධා­න­තම ගැට­ලුව බවට පත්වී ඇති අතර, මේ වන විට එරට ඉන්ධන ගැලු­මක මිල ඩොලර් 4.27 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ තත්ත්වය මත ගෝලීය බල­ශක්ති අර්බු­දය හමුවේ වෙනි­සි­යු­ලා­වෙන් ලබා ­ගන්නා බොර තෙල් ඉන්දි­යාවේ පිහිටි ලොව විශා­ල­තම තෙල් පිරි­ප­හදු සංකී­ර­ණ­යට ලබා ­දීමේ හැකි­යාව සොයා බල­මින් සිටි. අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පසු­ගි­යදා ඉන්දි­යාවේ ජාම්න­ගර් ප්‍රදේ­ශයේ පිහිටි මුකේෂ් අම්බා­නිගේ රිලා­යන්ස් සමා­ගම සතු තෙල් පිරි­ප­හ­දුවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වී ඇත්තේ ඒ අනුව බව Cyber World Press වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙවර මධ්‍යම වාර මැති­ව­ර­ණ­යට පෙර අමෙ­රි­කාවේ ඉන්ධන මිල සැල­කිය යුතු ලෙස අඩු­වී­මට ඉඩක් නොමැති බවත්, ඉන්ධන ගැලු­මක මිල තව­දු­ර­ටත් ඩොලර් 4 සීමාවේ පව­තිනු ඇති බවත් එරට ඛනිජ තෙල් විශ්ලේ­ෂක පැට්‍රික් ඩි හාන් අනා­වැකි පළ­කර ඇතැයි වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp