Impartial news reporting for a stronger democratic society
බංග්ලාදේශයේ බාලවයස්කාර විවාහ ඉහළට : නීතියේ හිඩැස් වසන්නැයි UNICEF රජයෙන් ඉල්ලයි

බංග්ලා­දේ­ශයේ තරු­ණි­ය­න්ගෙන් අඩ­කට ආසන්න පිරි­සක් වයස අවු­රුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වී ඇතැයි යුනි­සෙෆ් වාර්තා­ව­කින් සඳ­හන් කැර තිබේ.

එරට අවු­රුදු 20ත්, 24ත් අතර වයස් කාණ්ඩයේ පසු­වන කාන්තා­ව­න්ගෙන් 47.2%ක් විවාහ වී ඇත්තේ අවු­රුදු 18ට පෙර බව යුනි­සෙෆ් සංවි­ධා­නයේ වසර 2025 බහු­ජන දර්ශක සමී­ක්ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය කැර  තිබේ.

මේ තත්ත්වය මත බංග්ලා­දේශ දැරි­යන් පාසල් අධ්‍යා­ප­නයේ රඳවා ගැනී­ම­ටත්, ළමා විවාහ සඳහා ඉඩ­කඩ සල­සන නීති­මය හිඩැස වසා දමන ලෙසත් යුනි­සෙෆ් සංවි­ධා­නය එරට රජ­යෙන් ඉල්ලී­මක් කළ බව වාර්තා වේ.

පසු­ගි­යදා බංග්ලා­දේ­ශයේ සංචා­රය කළ යුනි­සෙෆ් විධා­යක අධ්‍ය­ක්ෂිකා කැත­රින් රසල් මේ ගැට­ලුව රජයේ අව­ධා­න­යට ලක් කැර ඇති අතර, දරු­වන්ගේ අධ්‍යා­ප­නය, සෞඛ්‍ය හා ආර­ක්ෂාව වෙනු­වෙන් වහාම පිය­වර ගන්නා ලෙස ඉල්ලී­මක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැහැනු දරු­වන් නිසි වයස් සීමා­වේදී පාසල් අධ්‍යා­ප­නය තුළ රඳවා තැබීම සහ අවශ්‍ය සෞඛ්‍ය හා ආර­ක්ෂාව සැප­යී­මත් ඔවුන්ගේ අනා­ග­තය වඩාත් යහ­පත් වීමට හේතු­වනු ඇතැයි ඇය පෙන්වා දී තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp