
ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ ෂෙජියැං සංචාරයට සහාභාගි වන මාධ්‍යවේදීන්, සංස්කෘතික හා සංචාරක නියෝජිතයන් වෙත පූර්ව පිටත්වීමේ විස්තරයක් පසුගියදා (09) සිදු කෙළේය.
චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නි ලිෂෙන් මහතා චීනයේ ෂෙජියැං පළාත ගැන පුර්ව සහ අර්ථවත් විශ්ලේෂණයක් මෙම නියෝජිත පිරිසට ලබාදෙන ලදී.
චීනයේ ෂෙජියැං පළාතේ භූගෝලීය භූ දර්ශනය, ඉතිහාසය සහ සංස්කෘතිය, ඩිජිටල් ආර්ථිකය, තාක්ෂණික නවෝත්පාදනය සහ අද්විතීය සංචාරක සම්පත් ඉස්මතු කරමින් කළ අර්ථවත් විශ්ලේෂණය නියෝජිත පිරිසේ ප්‍රසාදයට ලක් විය.

නි ලිෂෙන් මහතා සිය දේශනයේදී තවදුරටත් මෙසේද සඳහන් කෙළේය.
ෂෙජියැං පළාත චීනයේ සංස්කෘතිය සහ සංචාරක කටයුතු සඳහා වඩාත්ම සජීවී පළාත්වලින් එකක් . ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරුවේ ක්‍රියාකාරී හවුල්කරුවන් වීම ඉතා වැදගත්. පුරාණ ලියැංෂු ශිෂ්ටාචාරය සහ ෂෙජියැං පළාතේ සමාජ , ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනය ගැන මාධ්‍යවෙිදීන් වන ඔබට ඉතා හොඳ පනිවිඩයක් දිය හැකි. සමාජ මාධ්‍ය, පුවත්පත් සහ රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය නාලිකා උපයෝගී කැර ගනිමින් චීනයේ ෂෙජියැං පළාත ගැන ලෝකයට කියන්න. “මම සහ චීනය” හරහා චීනයේ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් , විද්වතුන් දැනුවත් කිරීමට සම්බන්ධ වන ලෙස මම ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට ෂෙජියැං සංචාරයට සහභාගි වන නියෝජිත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සහ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගි වුහ.

සටහන-

චන්දන විජේකෝන්
