Impartial news reporting for a stronger democratic society
පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ග­නි­ස්තා­නයේ ප්‍රාන්ත දෙක­කට බරපතළ හානි: පුද්ග­ල­යන් 9ක් මිය ගිය බව තලේ­බාන් රජය නිවේ­ද­නය කරයි

පාකි­ස්තා­න­යෙන් එල්ල කළ  ගුවන් ප්‍රහා­ර­ව­ලින් ඇෆ්ග­නි­ස්තා­නයේ ප්‍රාන්ත දෙක­කට බරපතළ හානි සිදු වී  පුද්ග­ල­යන් 9 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව තලේ­බාන් රජය නිවේ­ද­නය කැර තිබේ.

 පාකි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි කුනාර් සහ හෙල්මන්ඩ් ප්‍රාන්ත­ව­ලට එම ප්‍රහාර එල්ල වී ඇති බවත්, නිවාස තුන­කට බර­ප­තළ හානි සිදුවී ඇති බවත් තලේ­බාන් රජය ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 ගුවන් ප්‍රහා­ර­යෙන් මිය­ගිය අය අතර කාන්තා­වන් සහ දරු­වන් ද සිටින බව තලේ­බාන් රජය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. පාකි­ස්තාන ගුවන් ප්‍රහා­රය සියලු මූල­ධර්ම උල්ලං­ඝ­නය කර­මින් සිදු කළ ආක්‍ර­ම­ණ­ශීලී අප­රා­ධ­යක් ලෙස හෙළා දකින බවට තලේ­බාන් රජයේ ප්‍රකා­ශක සබි­යුල්ලා මුජා­හිඩ් නිවේ­ද­නය කැර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පාකි­ස්තාන රජය ප්‍රකාශ කැර ඇත්තේ , ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ එම ප්‍රහා­ර­ව­ලින් ත්‍රස්ත­වා­දීන් 22 දෙනකු මිය­ගිය බවත් විශ්වා­ස­දා­යක බුද්ධි තොර­තුරු මත පද­නම්ව ප්‍රහා­රය සිදු කළ බවත්, ඉල­ක්කය ඉතා නිවැ­ර­දිව නිශ්චිත ස්ථාන­ව­ලට පතිත වූ බවත් පාකි­ස්තාන තොර­තුරු අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කැර  ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.එම ප්‍රහා­ර­ව­ලින් අදාළ ස්ථාන­වල ගබඩා කැර තිබූ විශාල ආයුධ තොග­යක් සහ අම­තර පත­රොම් තොග­යක් ද විනාශ වූ බව පාකි­ස්තාන  හමුදාව ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press  තවදුරටත් සඳ­හන් කරයි

Follow by Email
LinkedIn
Share
WhatsApp