Impartial news reporting for a stronger democratic society
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනා ඉරානය විසිකරයි: හෝමූස් විවෘත කිරීමටනම් කොන්දේසි 7 පිළිගත යුතුයි – ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත  කිරීමටනම් කොන්දේසි 7කින් සම­න්විත යෝජ­නා­ව­ලිය  පිළිගතයුතු බව ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක මොහො­මඩ් බගාර් ගලා­බාෆ් ප්‍රකාශ කැර ඇතැයි Cyber World Press  වාර්කා කරයි.

ඉරාන කථා­නා­ය­ක­ව­රයා මේ බව සඳ­හන් කැර ඇත්තේ ඉරාන යෝජ­නා­ව­ලිය ප්‍රති­ක්ෂේප කරන බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරී­මෙන් දින කිහි­ප­ය­කට පසු­වය.

 අමෙ­රි­කාව මාධ්‍ය හමුවේ වෙනම ප්‍රකා­ශ­යක් නිකුත් කළද, මැදි­හ­ත්ක­රු­වන්ගේ මාර්ග­යෙන් යෝජනා කිහි­ප­යක් ඉරා­න­යට ඉදි­රි­පත් කැර ඇතැයි ද, මේ යෝජ­නා­ව­ලිය ක්‍රියා­ත්මක කිරී­මට නම් ඒක­පා­ර්ශ්වික පැන­වීම් දැන් අව­සන් වි ඇති බව අමෙ­රි­කාව තේරුම් ගත යුතුව ඇතැයි ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කැර ඇති බව Cyber World Press  වාර්කා කරයි.

 හෝමූස් මුහුද නැවත විවෘත කිරී­මට නම් පසු­ගිය ජූනි මාසයේ අත්සන් තැබූ ඉරාන-අමෙ­රි­කානු අව­බෝ­ධතා ගිවි­සුම මත පද­නම්ව ඉරා­නයේ කොන්දේසි 7 ඉටු­කළ යුතු බව ඔහු තර­යේම ප්‍රකාශ කැර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බ­න්ධව ඉරා­නයේ ස්ථාව­රය පැහැ­දිලි බව ටෙහෙ­රාන් නුවර විදේ­ශීය තානා­ප­ති­ව­රුන් සහ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් ඇමැතු විදේශ ඇමැති අබ්බාස් අරග්චි ද ප්‍රකාශ කැර ඇත. ඉරාන යෝජ­නා­ව­ලිය අමෙ­රි­කාව පිළි­ගන්නේ නම් දින 7ක් ඇතු­ළත හෝමූස් විවෘත කරන බව සඳ­හන් කැර තිබේ. අමෙ­රි­කාව රාජ්‍ය­තා­න්ත්‍රික විස­ඳුම තෝරා ගනි­මින් එම යෝජ­නා­ව­ලි­යට එක­ඟ­තාව පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොමැ­තිව හමු­දා­මය ක්‍රියා­මා­ර්ග­යක් තෝරා­ගන්නේ නම් ඊට ප්‍රති­චාර දැක්වී­මට වුවත් ඉරා­නය සූදා­නම් බව විදේශ ඇමැ­ති­ව­රයා අන­තුරු අඟවා  ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp