
ප්‍රංශය පුරා මේ වන විට පැතිර යමින් පවතින සිසු විරෝධතා හේතුවෙන් එරට පාසල් 400ත් 500ත් අතර සංඛ්‍යාවක් අද (05) දිනයේදී සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමට සිදු වු බව ප්‍රංශ අධ්‍යාපන ඇමැති එඩුවාඩ් ජෙෆ්රේ සඳහන් කැර ඇතැයි Cyber World Press සඳහාන් කරයි .
කැරලි මර්දන පොලිසිය සහ සිසු විරෝධතාකරුවන් අතර පසුගිය දිනවල ඇති වූ ගැටුම් හේතුවෙන් ඇතැම් පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කැර තිබේ.
විරෝධතා ආරම්භ වූ දා සිට පාසල් 24ක් ගිනි තැබීම් හෝ කඩාකප්පල් කිරීම්වලට ලක්ව ඇති බවද ඔහු අනාවරණය කැර ඇත.
අධ්‍යාපන ප්රමිතීන්, ගුරුවරුන්ගේ හිඟය, අධික සිසුන් සංඛ්‍යාවක් සහිත පන්ති කාමර මෙන්ම අබලන් පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් උසස් පාසල් සිසුන් ඇතුළු පිරිස් මෙම විරෝධතාවල නිරත වෙති.
පැරිසියෙන් ආරම්භ වූ විරෝධතා මේ වනවිට මොන්ට්පෙලියර්, නාන්ට්ස් සහ මාර්සෙයිල් ඇතුළු ප්‍රංශයේ අනෙකුත් නගර වෙතද ව්‍යාප්ත වී තිබේ.
ප්‍රංශ අධිකරණ ඇමැති ජෙරල්ඩ් ඩාර්මානින් පවසන්නේ රටේ පාසල් 3,700කින් 735කට යම් ආකාරයක බලපෑමක් එල්ල වී ඇති බවයි.
මේ අතර, විරෝධතා ආරම්භ වූ දා සිට පුද්ගලයින් 5,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සියයට 85ක් පමණ බාලවයස්කරුවන් බව AFP වාර්තා කළ බව Cyber World Press සඳහාන් කරයි
ප්‍රංශ රජය පවසන්නේ පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, පාසල් පහසුකම් වැඩිදියුණු කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් යුක්ත කිරීම ඇතුළු පියවර ගනිමින් සිටින බවයි.
කෙසේ වෙතත්, සිසුන්ගේ විරෝධතා තවදුරටත් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීම් පළ වී ඇති අතර, පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන්ද ප්‍රංශ බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි Cyber World Press සඳහාන් කරයි .

