
රුසියානු හමුදාව අඛණ්ඩව සිවුවැනි දිනයටත් යුක්රේනයේ කීෆ් අගනුවර ප්රධාන පාලම් පුපුරුවා හැරීමේ ප්රහාරමාලාවක් සිදු කැර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඊයේ උදෑසන කීෆ් අගනුවර පිව්නිච්නි පාලම ඉලක්ක කරමින් රුසියාව දරුණු ප්රහාරයක් එල්ල කැර ඇති අතර, එම පාලමට ඊට පෙර දිනයේදීද ප්රහාර එල්ල වී ඇති බව කළ බව වාර්තා වෙයි.
ප්රහාරවලින් එම පාලම හරහා සවි කැර ඇති තාප සැපයුම් නළයකට බරපතළ හානි සිදු වූ බව කිෆ් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ප්රකාශ කැර තිබේ. එහි ප්රතිඵලයක් ලෙස ඊසානදිග ඩෙස්නියන්ස්කි දිස්ත්රික්කයේ උණුසුම් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ද ඔහු සඳහන් කැර ඇත. මේ ප්රහාරය එල්ල වී ඇත්තේ ජර්මානු චාන්ස්ලර් ෆෙඩ්රිච් මර්ස්ගේ රුසියානු සංචාරය අතරතුරදී බව ද වාර්තා වේ.
පිච්නිච්නි පාලම මතින් රථ වාහන ධාවනය වෙමින් තිබියදී ප්රහාරය එල්ල වී ඇති අතර, ඩ්රෝන යානයක් පාලගේ ගැටී පිපිරී යෑමෙන් විශාල ගිනිජාලාවක් ද පැතිරුණු බව විදෙස් මාධ්ය වාර්තා කරයි. කෙසේ වුවත් ප්රහාරයෙන් ජිවිත හානි සිදුවී නැති බව නගරාධිපති ක්ලිට්ස්කෝ වැඩිදුරටත් ප්රකාශ කැර තිබේ. රුසියානු ප්රහාර මධ්යයේ කීෆ් අගනුවර නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ජර්මානු චාන්ස්ලර්වරයා යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, යුද්ධයෙන් මියගිය යුක්රේන හමුදා සෙබළුන්ගේ ස්මාරකය අබියස පුෂ්පෝපහාර දැක්වූ බව ද වාර්තා වේ.
