Impartial news reporting for a stronger democratic society
ඉන්දුනීසියාවේ  පළාත් රැසකට ළැව් ගිනි! මැලේසියාව – පිලිපීනය ඇතුළු අවට රටවල් ගණනාවකටත් දැඩි බලපෑම්

ඉන්දුනීසියාවේ  පළාත් රැසක ව්‍යාප්ත වී ඇති දරුණු ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් කලාපය පුරා විෂ සහිත දුමාරයක් පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික උණුසුම දේශගුණික තත්ත්වය මත මේ ළැව් ගිනි මැඬපැවැත්වීම අතිශය දුෂ්කර වී ඇති බව වාර්තා වෙයි.

කලිමන්තාන් කලාපයේ පදිංචිව සිටින මිලියන ගණනක ජනතාව ඉන් පීඩාවට පත්වී ඇති අතර, එම දුමාරය මැලේසියාව සහ පිලිපීනය ඇතුළු අවට රටවල් ගණනාවකටත් දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 විෂ දුමාරය ආඝ්‍රාණ කිරීමෙන් ශ්වසනාබාධ සහ විවිධ ආසාදනවලට ලක්වූ ඉන්දුනීසියාවේ සිය ගණනක ජනතාව රෝහල්ගත කර ඇති බව ද වාර්තා වේ.

ළැව් ගිනි පාලනය කිරීම සඳහා ඉන්දුනීසියාවට සහාය වීමට ජපාන ආපදා සහන සේවා ආරක්ෂක බළකායේ සාමාජිකයන් 180 දෙනකු පමණ මේ වන විටත් කලිමන්තාන් කලාපයට පැමිණ සිටින අතර, මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් සහ ප්‍රවාහන නෞකාවක් ද ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්දුනීසියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මේ අතර පිලිපීනයේ මැනිලා අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ද ඉන්දුනීසියාවේ ළැව් ගින්නෙන් හටගත් විෂ දුමාරය පැතිරී ගොස් ඇති බවත්, නිවෙසින් බැහැර යන්නේ නම් මුඛ ආවරණ පලඳින ලෙස එරට සෞඛ්‍ය බලධාරින් ජනතාවට උපදෙස් නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.(දිනමිණ)

Follow by Email
LinkedIn
Share
WhatsApp