
අපදාවන්ට ලක්ව ඇති නේපාලයට චීනයෙන් ලබාදෙන තුන්වැනි සහනාධාර තොගය ප්‍රවාහනය කිරීමේ කටයුතු සූදානම් කරමින් ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ඊයේ (02) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ, චීනය ලබා දුන් දෙවැනි සහනාධාර තොගය ප්‍රවාහනය කිරීමේ කටයුතු පළමුවැනිදා සිදු කළ බවය.
එමෙන්ම DNA හඳුනා ගැනීමේ චීන විශේෂඥයින් 5දෙනෙකු ද ආපදා ප්‍රදේශවලට ගොස් නේපාලයට සහය දී ඇති බව හෙතෙම සඳහන් කළේය.
හදිසි අතිරේක ආධාර සහ තාක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් නේපාල පාර්ශ්වය චීනයට සිය කෘතඥතාව පළ කළේය. එසේම නේපාලයේ අවශ්‍යතා මත පදනම්ව, චීනය සිය තුන්වන සහනාධාර තොගය ප්‍රවාහනය කිරීමේ කටයුතු සූදානම් කරමින් සිටින අතර, DNA හඳුනා ගැනීමේ චීන විශේෂඥයින්ගෙන් සමන්විත දෙවන කණ්ඩායම ද පිටත් කර යවන බව Guo Jiakun වැඩිදුරටත් සඳහන් කෙළේය.( දිනමිණ ඇසුරෙන්)
