Impartial news reporting for a stronger democratic society
ගල්ෆ් කලා­පයේ අමෙ­රි­කානු හමුදා කඳ­වු­රු­ව­ලට ඉරා­න­යෙන් මිස­යිල වැස්සක් !

අමෙ­රි­කානු හමු­දා­වෙන් දකුණු ඉරා­න­යට එල්ල කළ ගුවන් ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් පස්දෙ­නකු මිය­යෑ­මට එරෙ­හිව ඉරාන ආර­ක්ෂක හමු­දාව ජෝර්දා­නය, කුවේට්, ඉරා­කය සහ බහ­රේන් රට­වල පිහිටි අමෙ­රි­කානු හමුදා කඳ­වුරු ඉලක්ක කර­මින් දැවැන්ත ප්‍රහා­ර­යක් සිදු කැර ඇතැයි වාර්තා වේ.

ජෝර්දා­නයේ අමෙ­රි­කානු හමුදා කඳ­වුරු දෙක­කට මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉරාන ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කර ඇත්තේ එම ප්‍රහා­ර­ව­ලින් දැඩි හානි සිදුවී ඇති බවය. ඉරා­කයේ පිහිටි අමෙ­රි­කානු හමුදා යටි­තල පහ­සු­කම් රැසක් විනාශ කළ බව ද එම නිවේ­ද­නයේ සඳ­හන් කැර තිබේ.

මේ අතර ජෝර්දාන සන්නද්ධ බළ­කාය ප්‍රකාශ කර ඇත්තේ ඉරා­න­යෙන් එල්ල වූ බැලැ­ස්ටික් මිස­යිල 13කින් 10ක් ගුව­නේ­දීම විනාශ කළ බවය. තවත් මිස­යිල 3ක් ජන­ශූන්‍ය ප්‍රදේ­ශ­ය­කට පතිත වූ බව ද එම නිවේ­ද­නයේ සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. ඉරා­න­යෙන් මිස­යිල ප්‍රහාර එල්ල වූ බව කුවේට් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ද තහ­වුරු කැර තිබේ. බහ­රේන් රාජ්‍ය­යෙන් ද පිපි­රීම් කිහි­ප­යක් වාර්තා වූ බව ඉරාන මාධ්‍ය සඳ­හන් කරයි.( දිනමිණ)

Follow by Email
LinkedIn
Share
WhatsApp