
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ පැතිරී යන ඉබෝලා වසංගතය හේතුවෙන් පුද්ගලයන් 2,325 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව Cyber World Press අනාවරණය වෙයි.
එය එරට ඉතිහාසයේ වඩාත්ම දරුණු ඉබෝලා ව්‍යාප්තිය බවට පත්වී ඇති බවට වාර්තා වෙයි.
ඊයේ උදෑසන වන විට ගතවූ පැය 24 ඇතුළත පමණක් නව ආසාදිතයන් 101 දෙනකු හඳුනාගෙන ඇති අතර, වයිරසය ආසාදන වූ බවට මෙතෙක් තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 4,945 දක්වා ඉහළ ගොස් ඇතැයි කොංගෝ ජනරජයේ මහජන සෞඛ්‍ය ආයතනය නිවේදනය කැර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ටොම් ෆ්ලෙචර් සඳහන් කැර ඇත්තේ ඉබෝලා වසංගතය පාලනය කිරිමට ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වී ඇති බවයි. කොංගෝ රාජ්‍යයෙන් මෙතෙක් වාර්තා වූ 17 වැනි ඉබෝලා වසංගතය මෙය වන අතර, මීට පෙර එරටින් වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය බවට පත්වී ඇත්තේ 2018-2020 කාලයේදී පුද්ගලයන් 2,299 දෙනකුට මරු කැඳවූ වසංගතය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුන් බව Cyber World Press සඳහාන් කරයි.
අද වන විට කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වසංගතය පැතිරීමේ වේගය අනුව එය 2014 සිට 2016 දක්වා බටහිර අප්‍රිකානු කලාපයේ පැතිරී ගිය ඉබෝලා වසංගතයට වඩා බරපතළ වීමේ අවදානමක් මතු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අද්නෝම් අනතුරු අඟවා තිබේ.
