Impartial news reporting for a stronger democratic society
හිරේ ඉන්න ඉම්රාන්ගේ මූලික අයි­තීන් සුර­කි­න්නැයි එ.ජ. සංවි­ධා­නය පාකි­ස්ථා­න­යට කියයි!

පාකි­ස්ථා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ට බන්ධ­නා­ගා­රය තුළදී  සිදු කරන අමා­නු­ෂික සැල­කිලි වහාම නව­ත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ වධ හිංසා වැළැ­ක්වීම පිළි­බඳ විශේෂ නියෝ­ජිත ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් එරට රජ­යෙන් ඉල්ලී­මක් කැර ඇතැයි එංග­ල­න්තයේ ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවයේ වාර්තාවක් උපුටා දක්වමින් Cyber World Press  සඳහාන් කරයි.

පැය 24ක් පුරා ක්‍රියා­ත්මක වන සීසී­ටීවී කැමරා නිරී­ක්ෂණ යටතේ මාස 33ක පමණ කාල­යක් පුරා සම්පූර්ණ හුදෙ­කලා කුටි­යක පසු­වන ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරි­හෙ­මින් පව­තින බව ද ඇය සඳ­හන් කැර තිබේ.

ඉම්රාන් ඛාන් චෝදනා රැසක් යටතේ වසර දෙක­කට වැඩි කාල­යක් සිර­ගත කර සිටින අතර, ඔහුගේ නාය­ක­ත්ව­යෙන් යුතු ටෙහෙ­රිකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සඳ­හන් කැර ඇත්තේ ඒ සියලු චෝදනා දේශ­පා­ල­නික අර­මුණු මත නිර්මා­ණය කැර ඇති බවයි.

වසර 2022 දී පාර්ලි­මේ­න්තුවේ විශ්වා­ස­භංග යෝජ­නා­ව­කින් බල­යෙන් පහ කළ හිටපු අග­මැ­ති­ව­ර­යාට දූෂණ,, රාජ්‍ය රහස් හෙළි කිරිම සහ ත්‍රස්ත­වා­ද­යට අදාළ චෝදනා යටතේ නඩු විශාල ප්‍රමා­ණ­යක් ගොනු කැර ඇති බවත්, ඔහු එම සියලු චෝදනා ප්‍රති­ක්ෂේප කැර ඇති බව ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවයේ වාර්තා  කරයි. ඉම්රාන්ට නිසි වෛද්‍ය ප්‍රති­කාර නොලැ­බෙන බව සඳ­හන් කැර ඇති එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ වධ හිංසා වැළැ­ක්වීම පිළි­බඳ විශේෂ නියෝ­ජි­ත­ව­රිය ඉම්රාන්ට සහ ඔහුගේ බිරි­යට සාධා­රණ නඩු විභා­ග­යක් සඳහා වන මූලික අයි­තිය මෙන්ම සිර­ක­රු­ව­න්ගෙන් මූලික අයි­ති­වා­සි­කම් ආරක්ෂා වීමේ අයි­තිය ද හිමි­විය යුතු බව ඇය අව­ධා­ර­ණය කැර ඇතැයි ඉන්ඩි­පෙ­න්ඩන්ට් පුවත් සේවය උපුටා දක්වමින් Cyber World Press  සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp