Impartial news reporting for a stronger democratic society
ට්‍රම්ප් ලොව ප්‍රකට බෙගල්කරුවෙක්!  නව සාකච්ඡා වට­යක් පැවතුනේ නැහැ – ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක කියයි

ඉරානය සමඟ නව සාකච්ඡා වට­යක් පැවැ­ත්වෙන බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකා­ශය  ප්‍රති­ක්ෂේප කරන බවත්, ඔහු  ලොව ප්‍රකට බෙගල්කරුවකු  බවත් ඉරානය  අවධාරණය කරයි.

දෙපා­ර්ශ්වය අතර සාක­ච්ඡාව ඊයේ(03) ආර­ම්භ­වී­මට නිය­මිත බවට වාර්තා­ක­රු­වන් හමුවේ ට්‍රම්ප් ප්‍රකාශ කළ ද, අමෙ­රි­කාව සමඟ කිසිදු සාක­ච්ඡා­වක නිරත නොවන බව ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක ඉස්ම­යිල් බගායි සඳ­හන් කැර තිබේ.

පසු­ගිය සති­යේදී ඊශ්‍රා­ය­ලය සමඟ එක්ව ඉරා­න­යට දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ බවත්, සවුදි අරා­බිය ඇතුළු ගල්ෆ් කලා­පයේ රට­වල ඉල්ලීම මත එම ප්‍රහා­රය අත්හි­ටුවූ බවත් ට්‍රම්ප් යළි සඳ­හන් කැර ඇතැයි වාර්තා වේ.

මැද­පෙ­ර­දිග කලා­පයේ ගැටුම් උග්‍ර­වීම සහ අස්ථා­ව­ර­ත්වය පිළි­බඳ චීනය ඇතුළු මිත්‍ර පාක්ෂික රට­වල් රැසක අව­ධා­නය යොමුවී ඇතැයි ඉරාන විදේශ අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කැර ඇති අතර, සිය රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය භාවිත කර­මින් ගැටුම් සම­ථ­ය­කට පත් කිරී­මට චීනය උත්සාහ කර­මින් සිටින බව ද සඳ­හන් කැර තිබේ. එහෙත් අමෙ­රි­කාව සහ ඉරා­නය අතර සාක­ච්ඡා­ව­ලට චීනය සම්බන්ධ නොවන බවත්, පාකි­ස්ථානය මැදි­හ­ත්ක­රු­වකු ලෙස කට­යුතු කරන බවත් ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක ඉස්ම­යිල් බගායි ප්‍රකාශ කැර තිබේ. අවශ්‍ය අව­ස්ථා­ව­ලදී කටාර් රාජ්‍යය ද ඒ සඳහා සහය ලබා දෙන බව ද ඔහු සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp