Impartial news reporting for a stronger democratic society
ජනාධිපති ට්‍රම්ප් නැවතවරක් ඉරානය සමඟ සාකච්ඡා අද අරඹයි

ඉරානය සමඟ සාකච්ඡා අද (03) පස්වරුවේ නැවතත්  ආරම්භ කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කැර ඇත.

මැද පෙරදිග රටවල්  අමෙරිකා එක්සත් ජනපදයෙන්  සහ ඉරානයෙන් කළ ඉල්ලීමක් මත මෙම ප්‍රහාරය තාවකාලිකව නැවැත්වූ බව බීබීසී වාර්තා උපුට දක්වමින්  Cyber World Press සඳහාන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කැර ගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබේ.

ගිවිසුමකට පැමිණීම සඳහා ඉරානයට නිශ්චිත අවසන් කාලසීමාවක් පනවා තිබේ දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත්, ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බවත්ය.

එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සදහන් කැර ඇත.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව Cyber World Press සඳහාන් කරයි . යුද්ධය සාමකාමීව අවසන් වන බවට ජනාධිපතිවරයා මීට පෙරද වරින් වර ප්‍රකාශ කළද, දෙපාර්ශ්වය අතර ගැටුම් සහ ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

පසුගිය පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලය සමඟ එක්ව අමෙරිකාව ආරම්භ කළ මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බොරතෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගත්තේය.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එයින් ඇති වූ උද්ධමනය හේතුවෙන් අමෙරිකානු රජයට රට තුළින් දැඩි දේශපාලන බලපෑමක් එල්ල වෙමින් පවතින බව Cyber World Press සඳහාන් කරයි .

Follow by Email
LinkedIn
Share
WhatsApp