Impartial news reporting for a stronger democratic society
ත්‍රස්ත ප්‍රහාර ඉහළ යෑම හේතුවෙන් පාකිස්ථානයේ චීන ව්‍යපෘති අවධානමක !

නිතර  සිදුවන ත්‍රස්ත ප්‍රහාර ඉහළ යෑම හේතුවෙන් පාකිස්ථානය තුළ  සුදු කරන චීන ව්‍යපෘතින්  දැඩි අවධානමකට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලර් බිලියන 65කට ආසන්න ආයෝජන

 වසර 2015 සිට පාකිසථානයේ අමෙරිකානු ඩොලර් බිලියන 65කට ආසන්න ආයෝජන ව්‍යාපෘති සිදු කරන චීන සමාගම්වල ඉංජිනේරුවරුන් සහ එහි චීන ජාතික සේවකයන් ඉලක්ක කරමින් බලුකිස්ථාන ප්‍රාන්තයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එම ව්‍යාපෘති දැඩි අවදානමකට ලක්වී ඇතැයි වාර්තා වේ. චීනයේ එක් තීරයක්-එක් මාවතක් ජාත්‍යන්තර ආයෝජන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වන එම දැවැන්ත ආයෝජන ව්‍යාපෘති අතර යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්ති උත්පාදනය සහ ඛණිජ සම්පත් කැණීම් ඇතුළු ව්‍යාපෘති ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මන්දගාමී තත්ත්වයකට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

බලුකිස්ථානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව

 බලුකිස්ථානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව මේ වසරේ මුල් මාස 6 ඇතුළත එම කලාපයේ විදේශීය ආයෝජන ව්‍යාපෘති, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු සහ මුරපොළවල් ඉලක්ක කරමින් ප්‍රහාර 100කට අධික ප්‍රමාණයක් සිදු කැර ඇතැයි ද වාර්තා වේ.

චීන සමාගම් සිය ප්‍රාන්තයේ ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කැර ඇතැයි චෝදනා කරමින් බලුකිස්ථානයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම දීර්ඝ කාලයක් පුරා සිදු කරන සන්නද්ධ ප්‍රහාර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අර්බුද මතුකර ඇති බවත්, පාකිස්ථානයේ ආයෝජන ව්‍යාපෘතිවල අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයක් හටගෙන ඇති බවත් වාර්තා වේ. ආයෝජන ව්‍යාපෘතිවල සේවය කරන නිලධාරින්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාව මෙන්ම ආයෝජන ව්‍යාපෘතිවලට එල්ල වී ඇති තර්ජන පිළිබඳ අවස්ථා ගණනාවකදීම චීන බලධාරින් පාකිස්ථානයට සිය කනස්සල්ල ප්‍රකාශ කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp