Impartial news reporting for a stronger democratic society
ඉන්දීය ධීවරයන්ගෙන් යාපනයේ ධීවර කර්මාන්තයට සුදුවන ඝෘජු බලපෑම නවතාලීමට මැදිහත් වන්න! –  ජනපතිට ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කියයි

යාපනයදිස්ත්‍රික්කයේධීවර කර්මාන්තයතුළමතුවඇතිසංකිර්ණ ගැටලුපිළිබඳවශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විශේෂ අවධානයක් යොමු කැර ඇති අතර, ඒ් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද  අවධානය පිණිස පසුගියදා (31)  ලිපියක්  භාර දෙන ලදී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. විරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කැර ඇති එම ලිපියේ මෙසේද  සඳහාන් වේ.

2026.07.31

අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා

ජනාධිපතිතුමා,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

අතිගරු ජනාධිපති තුමනි,

යාපනය දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය තුළ මතුව ඇති ගැටලු පිළිබඳවයි

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 83 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනය නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල ජනතා හමුවීම් කිහිපයකට අපි සහභාගි වූයෙමු. අප පක්ෂයේ සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙරටට පැමිණි ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහෝදරයාද අප සමඟ මෙම සංචාරයට එක්විය.

අප සංචාරය අතර සිදු වූ එක් වැදගත් සාකච්ඡාවක් වූයේ යාපනය දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවේ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවයි. එම සාකච්ඡාවේදී මතුවූ කරුණු කිහිපයක් ඔබතුමන්ගේ අවධානයට යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. එම කරුණු සැකෙවින් මෙසේය;

  1. ඉන්දියා දකුණු වෙරල තීරය සහ ශ්‍රී ලංකා උතුරු වෙරළ තීරය අතර පවතින සමුද්‍රිය කලාපය රටවල් දෙකට අයත් අනන්‍ය සමුද්‍රිය කලාපයන්ගෙන් සමන්විත වන අතර, රටවල් දෙකට අයත් සමුද්‍ර කලාප අතර ජාත්‍යන්තර මුහුදක් නොපවතින බව,
  2. එම අනන්‍ය ආර්ථික කලාප දෙක වෙන් කෙරෙන පැහැදිලි මායිමක් හෝ එම කලාපවලට ඇතුළු වීම පිළිබඳ විධිමත් අධීක්ෂණයක් සිදු නොවීම,
  3. එම තත්ත්වය තුළ ඉන්දියානු අධි-අශ්වබල ට්‍රෝලිං පන්නය සහිත, මුහුදු පත්ලටම දැල් යෙදවිය හැකි  යාත්‍රා ශ්‍රී ලාංකික අනන්‍ය ආර්ථීක කලාපය තුළට ඇතුළු වීම හා එම යාත්‍රා ලාංකික සාගර සීමාව තුළ ක්‍රියාත්මක වීම ,
  4. එම යාත්‍රා එක්වර විශාල ප්‍රමාණවලින් පැමිණීම, එම යාත්‍රා ප්‍රමාණයෙන් විශාල යකඩ බඳ සහිත වීම සහ  අධි බලැති එන්ජින් සහිත වීම නිසා, ලීබඳ සහිත අප යාත්‍රා වලට එම යාත්‍රා ආසන්නයට යෑමට නොහැකිවීමට අමතරව, එම යාත්‍රා මඟින් අප යාත්‍රා පන්න (දැල්) කපා විනාශ වීමද සිදු වීම.
  5. මෙම තත්ත්වය තුළ අප ප්‍රජාවට කර්මාන්තයේ යෙදීමට ඇති අනාරක්ෂිත බව,
  6. එම නිසා සතියේ තෝරාගත් දිනයන්හි පමණක් කර්මාන්තයේ යෙදෙන්නට අප ධීවරයන්ට සිදුවීම ,
  7. මෙම තත්ත්වය නිසා අපට වර්තමානයේ සම්පත් අහිමිවනවාට අමතරව, මෙම අයහපත් සහ නීත්‍යානුකූල නොවන පන්න ක්‍රම නිසා සාගර පත්ලේ ජෛව පද්ධති ක්‍රියාකාරකම්වලට හානි කරමින්, අනාගත මත්ස්‍ය ගහනය අඩුවීමට හා විනාශ වීමට ඇති බරපතළ අවධානම ,   
  8. ඉහත තත්ත්වය නිසා උතුරුකරයේ ප්‍රධාන වෘත්තිය වූ ධීවර කර්මාන්තය හා එමඟින් යැපෙන ජනතාව විශාල අසීරුතාවයකට මුහුණ දී සිටීම හා මෙම නියාමනය නොවූ යාත්‍රා පැමිණීම හරහා විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් මුදල් ඉපයීමටත්, ඒ හරහා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී භාණ්ඩ රට තුළට ඇතුළු වීම සමාජමය ගැටලුවක් බවට පත්වී ඇති බව,
  9. බොහෝවිට මෙම යාත්‍රා හිමිකරුවන් වන්නේ තමිල්නාඩුවේ මහා ව්‍යාපාරිකයින් බව

මෙම තත්ත්වය සමනය කැර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා හා අදහස් ඉදිරිපත් විය;

  1. දීර්ඝ කාලයක සිට සිදුවන මෙම නීත්‍යානුකූල නොවන, වාර්තා නොවන, පාලනය නොකරන, (එක්සත් ජාතීන්ගේ සාගර නීතිවලට පටහැනි) සාගර නීති උල්ලංඝනය කරමින් සිදුවන මෙම ක්‍රියාවලිය නිසා උතුරේ අප සාගර කලාපය තුළ මුහුදුපත්ලේ සිට සියලු සාගර ජීවින් ඉලක්ක කරමින් සිදුවන විනාශකාරී (Bottom Trawling) පන්න ක්‍රම සිදුනොකිරීමට අවශ්‍ය එකඟතාවයන් හා නියාමනයන් ඇති කැර ගනිමින්  එම තත්ත්වය නීත්‍යානුකූලව තහවුරු කිරීමේ අවශ්‍යතාවය ,
  2. දැනටමත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පිළිගත්, රටවල් එකසිය හැත්තෑවකටත් වඩා වැඩි සාමාජික සංඛ්‍යාවක් 1995 දී වගකීමක් සහිත ධීවර කර්මාන්තයක් සඳහා වන ව්‍යවස්ථාවකට එකඟවී තිබීම සැලකිල්ලට ගනිමින්, රාජ්‍යයන් ඒ සඳහා අනුගත වීමට එකඟ වී ඇති තත්ත්වයන් තුළ, අවංක සහ විවෘත සංවාදයට අවශ්‍ය පසුබිම දෙරට අතර ඇතිකර ගැනීම,
  3. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර සිදුවන එවැනි සාකච්ඡා සඳහා දෙරටේ ධීවර ප්‍රජා සහභාගිත්වය සහතික කිරීම ,
  4. රජයන් අතර එවැනි නීතියානුකූල එකඟතාවයන්ට පැමිණ එම එකඟතාවයන් අඛණ්ඩව අධීක්ෂණය කිරීම ,
  5. සිදුවන මෙම විනාශය සහ රටක් ලෙස අහිමිවන සම්පත් රැක ගැනීම සඳහා අදාළ ජාත්‍යන්තර සංවිධාන හරහා තාක්ෂණික සහාය ලබා ගැනීම,
  6. චන්ද්‍රිකා තාක්ෂණය හරහා යාත්‍රා නියාමනයට අවශ්‍ය උපාංග රටවල් දෙකෙහිම යාත්‍රා සඳහා සවිකිරීම හා ධීවර ප්‍රජාවට ආදාර වීම සඳහා සැටලයිට් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම ,

මෙම කරුණු පිලිබඳව ඔබතුමන්ගේ අවධානය යොමුවනු ඇතැයි උදක්ම අපේක්ෂා කරන අතර, මෙම ලියුමෙන් මතුකරන ගැටලු නිරාකරනය කැර ගැනීම සඳහා මැදිහත්ව ක්‍රියාකිරීමට අප පක්ෂය ඉතා කැමැත්තෙන් සිටින බව දන්වා සිටිමු.

ස්තූතියි,

වෛද්‍ය ජී. වීරසිංහ

ප්‍රධාන ලේකම් 

Follow by Email
LinkedIn
Share
WhatsApp