Impartial news reporting for a stronger democratic society
ජපන් බොන් ඔඩෝරි උත්සවය කොළඹ දී සමරයි

ජපනයේ බොන් ඔඩෝරි (Bon Odori)සංස්කෘතික උත්සවය  පසුගිය ජූලි 11වැනි දා මහරගම ජාතික තරුණ සේවා සභා (NYSC) පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ජපන සම්ප්‍රදායික සංගීතය, නැටුම් සහ ආහාර පිසීම ක්‍රම සජීවීව  දැක ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට  මෙහිදී හැකි විය.

යෞවන කටයුතු නියෝජ්‍ය  ඇමැති දිනිදු සමන් හෙන්නායක, ජපානයේ තාවකාලික භාරකාර කමෝෂිඩා නාඕකි, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, NYSC සභාපති සුපුන් විජේරත්න , ජපන් සහයෝගිතා සංගමයේ (JSA) සභාපති ඔට්සුකි ටකායුකි මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්  මෙම අවස්ථාවට සහභාගී වූහ.

“ටෝකියෝ ඔන්ඩෝ” (ටෝකියෝ නර්තන ගීතය) සහ “ටැන්කෝ බුෂි” (පතල් කැණීම් කරුවන්ගේ ගීතය) වැනි ජනප්‍රිය ගීත සමඟ බොන් ඔඩෝරි නැටුම්වලින්  උත්සවය වර්ණවත් විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp