
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකානු හමුදාව හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කැර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කැර ඇති නාවික අවහිර කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව Cyber World Press වාර්තා කරයි.
අමෙරිකානු මධ්‍යම විධානය නිකුත් කළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිලය එල්ල කරන ආකාරයයි.
අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ, පැය 24ක කාලයක් තුළ කිහිප වරක් ලබාදුන් අනතුරු ඇඟවීම් සහ උපදෙස් නෞකාවේ කාර්ය මණ්ඩලය නොතකා හැරීම නිසා මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
ඒ අනුව, නෞකාව ඉරානය වෙත ළඟාවීම වැළැක්වීම සඳහා අමෙරිකානු ගුවන් යානයක් හෙල්ෆයර් මිසයිලයක් භාවිත කැර එහි එන්ජින් කාමරය අක්‍රීය කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
අප්‍රේල් 13 වැනිදා සිට ආරම්භ කළ ඉරානයට එරෙහි නාවික අවහිර කිරීමේ මෙහෙයුම යටතේ අමෙරිකාව අක්‍රීය කළ හයවැනි නෞකාව මෙය බව වාර්තා වේ.
එමෙන්ම, ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් මෙතෙක් වෙනත් මාර්ග වෙත යොමු කැර ඇති බවද අමෙරිකානු හමුදාව ප්‍රකාශ කැර ඇත.
( දිනමිණ ඇසුරෙන්)
