Impartial news reporting for a stronger democratic society
කියු­බානු විප්ල­වයේ අව­සන් ජීව­මාන නාය­ක රාවුල් කැස්ත්‍රෝගේ 95 වැනි ජන්ම දිනය අදයි

නූතන ගෝලීය දේශ­පා­ලන ඉති­හා­සයේ සුවි­ශේෂී ප්‍රති­රූ­ප­ය­කට හිමි­කම් කියන කියු­බාවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝ අද (3) සිය 95 වැනි උප­න්දි­නය සම­රයි. දශක 7කට වැඩි කාල­යක් කියු­බානු දේශ­පා­ල­නයේ සහ රාජ්‍ය පාල­නයේ ප්‍රධාන චරි­ත­යක් වූ මේ විශිෂ්ට රාජ්‍ය නාය­කයා එරට බිරාන් ප්‍රදේ­ශයේ උපත ලැබුවේ 1931 වස­රේ­දීය. රාවුල් කැස්ත්‍රෝගේ නාමය කියු­බානු විප්ල­වය සමඟ වෙන් කළ නොහැකි අයු­රින් බැඳී පව­ති­න්නකි. ඔහුගේ වැඩි­මහල් සොහො­යුරු ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ 1950 දශ­ක­යේදී ෆුල්හෙ­න්සියෝ බැටි­ස්ටාගේ පාල­න­යට එරෙ­හිව සටන් වැදුණු රාවුල් ,1959 ජන­වා­රියේ විප්ල­වය ජය­ග්‍ර­හ­ණය කිරි­මෙන් පසු නව කියු­බානු රාජ්‍යයේ බල­වත්ම නාය­ක­යකු ලෙස ඉස්මතු විය.

විප්ල­ව­යෙන් පසු දශක පහ­කට ආසන්න කාල­යක් ඔහු කියු­බාවේ ආර­ක්ෂක  ඇමැතිව­රයා ලෙස කට­යුතු කළ අතර, එම­ඟින් ඔහු ලොව දීර්ඝ­තම කාල­යක් ආර­ක්ෂක ඇමැති ධුරය දැරූ පුද්ග­ල­යන් අත­ර­ටද එක්විය. වසර 2006දී ෆිදෙල් කැස්ත්‍රෝ රෝගා­තුර වීමෙන් පසු රාජ්‍ය පාල­නයේ වග­කීම රාවුල් වෙත පැව­රුණු අතර, ඔහු 2008 දී නිල වශ­යෙන් කියු­බාවේ ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්විය.

කියු­බාවේ නව යුග­යක් ආරම්භ කර­මින් එරට ජන­තාව අතර දැඩි ගෞර­ව­යට සහ ආද­ර­යට පාත්‍ර වූ රාවුල් කැස්ත්‍රෝගේ දේශ­පා­ලන භූමි­කාව ජාත්‍ය­න්ත­ර­යේදී දැඩි විවේ­ච­න­යට ලක්වූ­වකි. එරට ජන­තාව සහ ආධා­ර­ක­රු­වන් ඔහු කියු­බාවේ ස්වාධී­න­ත්වය සහ සමාජ සාධා­ර­ණ­ත්වය ආරක්ෂා කළ විප්ල­ව­වාදී නාය­ක­යකු ලෙස පිළි­ගනු ලැබූ අතර, ජාත්‍ය­න්තර දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ චෝද­නාව වූයේ, ඔහුගේ දැඩි කොමි­යු­නිස්ට් පාල­නය යටතේ කියු­බාවේ දේශ­පා­ලන නිද­හස සීමාවූ බවයි. එහෙත් ඔහුගේ මානව හිත­වාදී ගති­ල­ක්ෂණ අද­ටත් ජාත්‍ය­න්ත­රයේ කතා­බ­හට ලක්ව­න්නකි. කැස්ත්‍රෝ පවුලේ සමී­ප­ත­ම­යන්ගේ අද­හස වූයේ රාවුල් සිය සොහො­යුරා වූ ෆිදෙල්ට වඩා නිහ­ත­මානී පුද්ග­ල­යකු බවයි. සිය පාලන කාලය තුළ විවෘත මන­ස­කින් යුතුව කට­යුතු කළ රාවුල් කියු­බාවේ සෞඛ්‍ය සහ අධ්‍යා­පන පද්ධ­තිය ශක්ති­මත් කිරි­මට දැඩි වෙහෙ­සක් ගත්තේය. රාවුල් කැස්ත්‍රෝගේ පාලන සමය තුළ කියු­බාව කැපී පෙනෙන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ රැසක් සිදු­විය. කුඩා පෞද්ග­ලික ව්‍යාපාර සඳහා ඔහු වැඩි අව­ස්ථා­වක් ලබා දීමට පිය­වර ගත් අතර, අන්ත­ර්ජාල භාවි­තය පුළුල් කිරිම සහ විදේ­ශීය ආයෝ­ජන සඳහා දොරටු විවර කිරිම වැනි ක්‍රියා­මා­ර්ග­ව­ලින් එරට නව යුග­යක ඇරැ­ඹුම සට­හන් විය. එමෙන්ම අමෙ­රි­කාව සමඟ දශක ගණ­නා­වක් පුරා පැවැති විර­ස­කය තුරන් කිරීම සඳහා ඔහු වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කළේය.

වසර 2021 දී කියු­බානු කොමි­යු­නිස්ට් පක්ෂ නාය­ක­ත්ව­යෙන් ඉවත්වූ රාවුල් කැස්ත්‍රෝ මේ වන විට නිල වශ­යෙන් දේශ­පා­ල­න­යෙන් ඈත්වි සිටි­යද, ඔහු අද­ටත් කියු­බානු විප්ල­වයේ ජීව­මාන සංකේ­ත­යකි. කියු­බාවේ පම­ණක් නොව ලතින් අමෙ­රි­කාවේ සහ ගෝලීය දේශ­පා­ලන ඉති­හා­සයේ නොමැ­කෙන චරි­ත­යකි. විප්ල­ව­වා­දි­යකු, යුද නාය­ක­යකු සහ එඩි­තර රාජ්‍ය නාය­ක­යකු ලෙස ඔහුගේ නාමය ඉති­හා­සයේ සඳ­හ­ටම රැඳී පව­තිනු ඇත.

ෆවුස් මොහො­මඩ්

(දිනමිණට  ලියන ලද ලිපියක් ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp