Impartial news reporting for a stronger democratic society
දිල්ලි ගින්නෙන් 21ක්  ජිවිතක්ෂයට !

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හෝටලයක් සහ අවන්හලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක අද උදෑසන හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දකුණු දිල්ලියේ මල්වියා නගර් නමැති කාර්යබහුල ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇති අතර, ඒ සමඟම එහි දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමක්ද ආරම්භ කැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මුදාගෙන අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

දිල්ලි ගිනි නිවන සේවා අංශ පවසන්නේ අද උදෑසන කාලයේදී ‘ලෙමන් ග්‍රීන්’ නැමැති මෙම අවන්හල පිහිටි ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇති බවයි. බිම් මහලේ අවන්හලක් සහ ඉහළ මහල්වල හෝටලයක් පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp