
චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව උල්ලංඝනය කළ නෙදර්ලන්ත යුද නෞකාවක් පිටුවහල් කැර ඇති බව සඳහාන් වෙයි.
නෙදර්ලන්ත නාවික හමුදාවට අයත් De Ruyter ආරක්ෂක නෞකාව පසුගිය දා (27) නීති විරෝධී ලෙස චීනයේ Xisha දූපත් කලාපයට ඇතුළු වූ බවත්, එම නෞකාව මඟින් ගෙන යන හෙලිකොප්ටර් කිහිපවරක් ගුවනට එසවී චීන ගුවන් කලාපයට පිවිස තිබෙන බවත් චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ ප්‍රකාශක Zhai Shichen ප්‍රකාශ කරයි.
තම විධානයේ නාවික සහ ගුවන් හමුදා බලකාය නීතියට අනුකූලව අනිවාර්ය පියවර ගනිමින් එම නෙදර්ලන්ත යුද නෞකාව පිටුවහල් කැර බව ඔහු කියා සිටියේය.
නෙදර්ලන්තයේ එම ක්‍රියාව, චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය හා ගුවන් ආරක්ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කරන අතර, එය ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්ට ද පටහැනි වේ.
දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කරන එම ක්‍රියාව පිළිබඳ, වැරදි අවබෝධයන් සහ වැරදි විනිශ්චයන් ඇති වීමට බොහෝදුරට ඉඩ ඇත. චීන පාර්ශ්වය මෙයට තරයේ විරුද්ධ වන අතර එවැනි උල්ලංඝනය කිරීම් සහ ප්රකෝපකාරී ක්‍රියාවන් වහාම නතර කරන ලෙස නෙදර්ලන්තයෙන් දැඩිව ඉල්ලා සිටියි. චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය, සැමවිටම උපරිම සෝදිසියෙන් සිට, රටේ ස්වෛරීභාවය, සුරක්ෂිතතාව මෙන් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සූදානම් බව ද එම ප්‍රකාශකයා පවසා ඇත.
