Impartial news reporting for a stronger democratic society
පොදු දොණී තරුෂි ශ්‍රී ලංකාව රනින් බබලවයි සදෙව් – ඔමෙල් – සවිඳු අවසන් තරගවලට

සියානු අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.

පෙරේදා (27) හොංකොංහි කයි ටැක් යොවුන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙවර තරගාවලියට මීටර් 1500 කාන්තා ඉසව්වෙන් එක් වූ 18 හැවිරිදි පොඩි තරුෂි හෙවත් තරුෂි අභිෂේකා මිනිත්තු 4යි තත්පර 31යි දශම 41කින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ආසියානු අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව මීටර් 1500 ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම මෙය වන අතර, තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමි වූ 10 වැනි රන් පදක්කම මෙයයි. ඉරාන ක්‍රීඩිකා මරයම් අහමදි මි. 4:33.35කින් රිදී පදක්කම දිනාගත් අතර, ලෝකඩ පදක්කම මි. 4:35.42කින් කොරියානු ක්‍රීඩිකා සොන්ග් ඩවෝන් සතු වූවාය.

තරුෂි ඊයේ (28) දිනාගත් රන් පදක්කම සමඟ

තරුෂි සිය දෙවැනි රන් පදක්කම් බලාපෙරොත්තුවෙන් අද  (29) මෙරට වේලාවෙන් පෙරවරු 6.50ට මීටර් 800 කාන්තා ඉසව්වේ මූලික වටයේ තරගයට එක්වීමට නියමිතව තිබිණි.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සදෙව් රාජකරුණා සහ ඔමෙල් ශෂින්ත සමත් වූහ. පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට එක් වූ සදෙව් තත්පර 46.10කින් පළමු ස්ථානයට පත් වූ අතර, මූලික වටයේ දෙවැනි තරගයට එක් වූ ඔමෙල් තත්පර 46.15ක කාලයක් වාර්තා කළේ පළමුවැනියා ලෙසනි. සමස්ත ක්‍රීඩකයන් අතර සදෙව් පළමු තැනටත් ඔමෙල් තෙවැනි තැනට පත්වූ අතර, අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී තත්පර 46.82කින් දෙවැනි තැන ගනිමින් අවසන් තරගයට එක්වීමට ඔමෙල් සමත් වූ අතර, සදෙව් තත්පර 46.46කින් දෙවැනි තරගයේ තෙවැනියා ලෙස අවසන් තරග වරම් ලබා ගත්තේය. එම තරගය අද (29) පස්වරු 4.35ට පැවැත්වීමට නියමිතව තිබිණි.

පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් අවසන් තරගයට එක්වීමට සවිඳු නිමාෂ සමත් විය. මූලික වටයේ පළමු තරගයට එක් වූ ඔහු සිය හොඳම පෞද්ගලික කාලය සටහන් කරමින් තත්පර 51.72කින් එහි දෙවැනි ස්ථානයට පත්වූ අතර, තරගයට එක් වූ සමස්ත ක්‍රීඩකයන් 21ක් අතරින් සිව්වැනි තැන හිමිකර ගත්තේය. එම ඉසව්වෙන්ම මූලික වටයේ තෙවැනි තරගයට එක් වූ කල්පදිත් හංසජ සිය හොඳම දක්ෂතාම සම කරමින් තත්පර 52.86ක කාලයක් වාර්තා කළ ද අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමි වී ගියේය. සමස්ත ක්‍රීඩකයන් (21) අතරේ ඔහුට හිමි වූයේ 11 වැනි ස්ථානයයි. මේ ඉසව්වේ අවසන් තරගය හෙට (30) මෙරට වේලාවෙන් පස්වරු 2.45ට පැවැත්වේ.

කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට එක් වූ රොනාලි ඈන් තත්පර 56.77ක කාලයක් වාර්තා කරමින් 6 වැනි ස්ථානයට පත්වීමෙන් අවසන් පූර්ව වටය අහිමි වූවාය. පිරිමි මීටර් 3000 ඉසව්වට එක් වූ විදූෂාන් රාජේන්ද්‍රන්ට (මි. 8:42.13) 6 වැනි ස්ථානය හිමි විය.

මේ ඉරිදා (31) නිමා වීමට නියමිත මේ තරගාවලියේ දෙවැනි දිනය වන අද (29) තරුෂිට අමතරව නෙත්සර දිනෙත් පිරිමි මීටර් 800, ඔමෙල් ශෂින්ත සහ සදෙව් රාජකරුණා පිරිමි මීටර් 200, රිසන්සා හිරුපමා සහ ඩිලන්මා රන්සිනි කාන්තා මීටර් 200, කවීෂ කුලතුංග මී. 110 කඩුලු පැනීම මූලික වටයේ තරගවලට එක් වන අතර, පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ අවසන් තරගයද අද පැවැත්වේ. ඊට අමතරව තුන් පිම්ම ඉසව්වෙන් කාන්තා තරගයට ඔෂිනි කාවින්ද්‍යා, පිරිමි තරගය තෙහාර රවිශ්ක සහ සසිඳු හංසන සමඟ කාන්තා උස පැනීමෙන් මිහින්සා දෙව්මිණි අවසන් තරගවලට එක්වීමට නියමිතය.

 නිරෝෂාන් ප්‍රියංකර

( දිනමිණ ඇසුරෙන් )

ආසියානු අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.

Follow by Email
LinkedIn
Share
WhatsApp