Impartial news reporting for a stronger democratic society
ඩොලර් මිලි­යන 700ක කෘෘස් මිස­යිල ඉන්දි­යා­වෙන් මිලදී ගන්න විය­ට්නා­ම­ය සුදානමක !

විය­ට්නා­මය ඉන්දි­යා­වෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 700ක වටි­නා­ක­ම­කින් යුතු බ්‍රාහ්මෝස් සුප­ර්සො­නික් කෘෘස් මිස­යිල තොග­යක් මිලදී ගැනී­මට තීර­ණය කැර ඇතැයි ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය වාර්තා කළ බව Cyber World Press සඳහාන් කරයි.

දකුණු චීන මුහුදේ වර්ධ­නය වන බව කියන චීන බල­පෑම් මධ්‍යයේ  මෙම දෙපා­ර්ශ්වය  එක­ඟ­තා­වට පැමි­ණීම අද හෙටම සිදු­වනු ඇතැයි ද වාර්තා වේ. එම මිස­යිල සඳහා වන ගිවි­සුම ඉදිරි මාස කිහි­පය ඇතු­ළත අත්සන් තබනු ඇතැයි ද, විය­ට්නාම යුද හමු­දා­වට සහ නාවික හමු­දා­වට මිස­යිල ලබා­දීම එරට රජයේ සැල­සුම වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කැර තිබු බව Cyber World Press පෙන්වා දෙයි. එම ගිවි­සු­මත් සමඟ පිලි­පී­න­යෙන් පසු ඉන්දි­යා­වෙන් බ්‍රාහ්මෝස් කෘෘස් මිස­යිල මිලදී ගන්නා දෙවැනි රට බවට විය­ට්නා­මය පත්වනු ඇතැයි ද වාර්තා වේ.

බ්‍රාහ්මෝස් මිස­යිල මිලදී ගැනීමේ ගිවි­සුම සම්බන්ධ සාකච්ඡා පසු­ගිය මාස කිහි­ප­යේදී සිදුවි ඇති අතර, ඒ සඳහා ඉන්දීය ආර­ක්ෂක ඇමැති රාජ්නාත් සිං පසු­ගි­යදා විය­ට්නා­මයේ හැනෝයි නුවර සංචා­ර­යක නිරතවූ බවත්, ඉන්දු-පැසි­ෆික් කලා­පයේ ඉන්දීය උපා­ය­මා­ර්ගික සහ ආර­ක්ෂක හවු­ල්කා­රි­ත්වය වැඩි දියුණු කිරිම එහි අර­මුණ වී ඇති බවත් ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් සේවය සඳ­හන් කැර ඇති බව Cyber World Press අවධාරණය කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp