Impartial news reporting for a stronger democratic society
මන්ත්‍රි මුජිබර් බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ දුරකථන ඇමතුම් 53ක් හුවමාරු කැර ගෙන – විමර්ශනවලින් හෙළි

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැළේ ) බන්ධනාගාරගත කැර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවකු අතර දුරකථන ඇමතුම් 53 ක් හුවමාරු වී ඇති බවට විමර්ශනවලින් අනාවරණය  වීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කැරගෙන  ඇති බව අනාවරණය වෙයි.

බන්ධනාගාරගත රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව සිදුවෙමින් පවතින පරීක්ෂණයකදී මෙම දුරකථන සංවාදය පිළිබඳව හෙළිදරව් වී ඇත.

ජංගම දුරකථන උපාංගය සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී ඇමතුම් වාර්තා හඳුනාගෙන ඇති බවත් , සමගි ජන බලවේගයේ (SJB) මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර කාලයක සිට මෙම සමීප සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු  Cyber World Press  වෙත පවසා  තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp